Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
(ශානුක අරවින්ද)
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන ප්‍රධානතම අන්තර් සමාජ සමාජ එක්දින ක්‍රිකට් තරගාවලියේ මූලික වටය යටතේ අද (17 වැනිදා) සී.සී.සී. ක්‍රීඩාංගණයේදී පැවැති තරගයකදී බ්ලූම්ෆීල්ඩ් ක්‍රීඩා සමාජයට එරෙහිව ලකුණු 134 ක දැවැන්ත ජයක් වාර්තා කිරීමට සී.සී.සී. ක්‍රීඩා සමාජය සමත් විය.
පළමුවෙන් පන්දුවට පහරදුන් සී.සී.සී. කණ්ඩායම ඕවර 50 ක් අවසානයේ කඩුලු 7 ක් දැවී ලකුණු 340 ක් ලබාගත් අතර එහිදී විශිෂ්ඨ පිතිහරඹයක නිරත වූ ආරම්භක පිතිකරු නිෂාන් මධුෂංක පන්දු 145 කදී හයේ පහර 6 ක් සහ හතරේ පහර 14 ක් සමග ලකුණු 174 ක් රැස්කළේය. නායක ධනංජය ද සිල්වා පන්දු 53 කින් ලකුණු 59 ක් රැස්කළේ හයේ පහරක් සහ හතරේ පහර 6 ක් සමගිනි.
ජයග්‍රහණය සඳහා ලකුණු 341 ක ඉලක්කයක් හඹාගිය බ්ලූම්ෆීල්ඩ් ක්‍රීඩකයන්ට ඕවර 46.2 ක් අවසානයේ සියලු දෙනා දැවී ලබාගත හැකි වූයේ ලකුණු 206 ක් පමණි. බ්ලූම්ෆීල්ඩ් ඉනිමේ වැඩිම ලකුණු ලාභීන් බවට පත්වූ මිනෙත් ප්‍රේමරත්න සහ නායක නිපුන් කරුණානායක ලකුණු 51 බැගින් රැස්කළද, ඔවුන්ට සිය කණ්ඩායම ජයග්‍රහණය කරා ගෙන යෑමට නොහැකි විය.
දක්ෂ පන්දු යැවීමක නිරත වූ විශ්ව ප්‍රනාන්දු ඕවර 5 ක් යවමින් ලකුණු 25 කට කඩුලු 3 ක් බිඳහෙළමින් බ්ලූම්ෆීල්ඩ් පිතිකරුවන් අසරණ කළේය. බ්ලූම්ෆීල්ඩ් කණ්ඩායමේ ජයග්‍රාහී මාවත අවහිර කර දැමීම සඳහා ඔහුට අනගි සහායක් දුන් චමුදිත විජේසිංහ සහ සිතුම් විහඟ කඩුලු 2 බැගින් දවාගත්හ.
සී.සී.සී. පිල - ඕවර 50 කදී කඩුලු 7 ක් දැවී 340
(නිෂාන් මධුෂංක 174, ධනංජය ද සිල්වා 59, අංජල බණ්ඩාර 16, පවන් සන්දේෂ් 44, ළහිරු මධුෂංක 59/4, දුලාජ් සමුදිත 75/2)
බ්ලූම්ෆීල්ඩ් පිල - ඕවර 46.2 කදී සියලු දෙනා දැවී 206
(මිනෙත් ප්‍රේමරත්න 51, නිපුන් කරුණානායක 51, ළහිරු මධුෂංක 29, තරින්ද ගුරුගේ 22, දුලාජ් සමුදිත 21, විෂ්ව ප්‍රනාන්දු 25/3, චමුදිත විජේසිංහ 37/2, සිතුම් විහඟ 47/2)
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.