Last Update  :  2024-05-06 19:12:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news නිලානි රත්නායකට තරග තහනමක්

නිලානි රත්නායකට තරග තහනමක්

editorial - 2023 ජුනි මස 04 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(නාමල් පතිරගේ)

මාර්තු මාසයේ දී දියගම මහින්ද රාජපක්ෂ පිටියේ පැවැති යුද හමුදා මලල ක්‍රීඩා ශූරතා  තරගාවලියේ දී මීටර් 5000 (කාන්තා) ඉසව්වට තරග වැදුනු නිලානි රත්නායකට තහනම් උත්තේජක ශරීරගත කර ගැනීම පිළිබඳව චෝදනා එල්ලවී තිබේ. ඒ අනුව ඇයට මේ වනවිට තාවකාලිකව තරග තහනමක් පනවා තිබේ.

ශ්‍රී ලංකා මලල ක්‍රීඩා ආයතන ආරංචි මාර්ග සඳහන් කරනු අන්දමට ඇගේ නිර්දෝෂිභාවය සනාථ කර ගැනීම සඳහා මෙතෙක් ඇය දෙවැනි මුත්‍රා නියැදි පරීක්ෂාවක් ඉල්ලා නැන.

නිලානි රත්නායක මීටර් 5000 (කාන්තා) ඉසව්වේ තරග වැදිමෙන් මෙම චෝදනාව ලැබුවත් ඇය ජාත්‍යන්තර මලල ක්‍රීඩා තරග බිමේ ප්‍රසිද්ධියක් උසුලන්නේ  මීටර් 3000 බාධක දිවීමේ ශූරියක් ලෙසිනි. ඇය ජාත්‍යන්තර දක්ෂතා රැසක් දක්වා ඇත්තේ ද එම ඉසව්වෙනි.

32 හැවිරිදි මෙම ක්‍රීඩිකාවට මෙම එල්ල වී තිබෙන තහනම් උත්තේජන චෝදනාව හමුවේ මෙම වසරේ තායිලන්තයේදී පැවැත්වෙන ආසියානු මලල ක්‍රීඩා ශූරතාවලිය,  ආසියානු ක්‍රීඩා උළෙල (චිනය) හා ලෝක මලල ක්‍රීඩා ශූරතාවලිය (හංගේරියාව) සභභාගි වීමේ  අවස්ථා ඇයට අහිමිවනු ඇතැයි ද වාර්තා වේ.

ඇය චෝදනාවට ලක් වූ යුද හමුදා මලල ක්‍රීඩා උළෙලේ දී විනාඩි 16 තත්පර 03.16ක දක්ෂතාවයක් දක්වා තිබේ. ඇය එම තරගය ජය ගත්තාය.

ලෝක තහනම් උත්තේජන නියෝජිතායතනය ශ්‍රී ලංකාවට දැනුම් දී ඇති පරිදි මාංශ පේෂි වර්ධනය හා ශක්තිය උත්තේජනය කිරීමට යොදා ගන්නා ලිගැන්ඩ්‍රෝල් (Ligandol) නමැති තහනම් උත්තේජක සංඝටක අඩංගු බව කියන ශක්ති වර්ධකයක් ඇය ශරීරගත කර ගෙන තිබේ. මේ සම්බන්ධයෙන් ඇගේ ප්‍රකාශයේ සඳහන් වන්නේ තමන් දැනුවත්ව කිසිදු තහනම් උත්තේජනක අඩංගු ශක්ති වර්ධකයන්ගේ ඖෂධයක් භාවිත නොකළ  බවයි.

මීටර් 3000 බාධක දිවීමේ ඉසව්වේ මෙතෙක් මෙම ක්‍රීඩිකාවකගේ හොඳම තරග නිමි කාලය විනාඩි 9 යි, තත්පර 40.65 කි. ඇය එහි ශ්‍රී ලංකා වාර්තාවේ හිමිකාරිනිය බවට පත්ව සිටින අතර නිලානි මිටර් 1500 (කාන්තා හා මීටර් 5000 (කාන්තා) සහ ඉසව්  වලදී ද දක්ෂතා දක්වා තිබේ.

ඉයුජින් (2022) ලෝක ශූරතාවලියේ දී  බාධක දිවීමෙන් විනාඩි 9 යි, තත්පර 54.10කට 13 වැනි ස්ථානය ලද ඇය අවසන් වරට පැවැති ජකර්තා ආසියානු ක්‍රීඩා උළෙලේදී (2018) විනාඩි 9 යි, තත්පර 54.65කට එහි හය වැනි ස්ථානය හිමිකර ගත්තාය.

තහනම්  උත්තේජක ගැනීමේ චෝදනාවට දෙවතාවක්ම වැරදිකරු වූ හිටපු ශ්‍රී ලංකා කෙටි ධාවන ශූර හිමාෂ ඒෂාන් වසර 2027 ඔක්තෝබර් 25 වැනිදා තෙක් බල පැවැත්වෙන පරිදි වසර හයක තරග තහනමකට ලක්වී සිටී. එය පසුගිය ජනවාරි 24 වැනිදා ප්‍රකාශයට පත් විය.


අදහස් (0)

නිලානි රත්නායකට තරග තහනමක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.