Last Update  :  2024-05-02 16:29:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news නිලවරණ කමිටුවට බාධා: පාපැදි සභාපතිට චෝදනා

නිලවරණ කමිටුවට බාධා: පාපැදි සභාපතිට චෝදනා

editorial - 2024 මාර් මස 27 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(නාමල් පතිරගේ)

විශේෂ මහ සභා රැස්වීම් දෙකකදීම නිලවරණ කමිටුව පත් කර ගැනීමට දැරූ උත්සාහයන්ට බාධා පැමිණවීම පිළිබඳ චෝදනා කරමින් ශ්‍රී ලංකා  පාපැදි සම්මේලනයේ සභාපති, විශේෂඥ වෛද්‍ය අමල් හර්ෂ ද සිල්වා මහතාට එරෙහිව ක්‍රීඩා සමාජ 38කගේ අත්සනින් ක්‍රීඩා අධ්‍යක්ෂ ජනරාල් මහාචාර්ය, රියර් අද්මිරාල් ෂේමාල් ප්‍රනාන්දු මහතාට විරෝධතාවක් බාර දීම අද (27) සිදු කෙරේ.

පාපැදි සම්මේලනයේ මීළඟ නිලවරණය (2024-25) මැයි 31 වැනිදාට පෙර පවත්වා අවසන් කළ යුතුය. පසුගිය මාර්තු 12 වැනිදා පැවැති විශේෂ මහා සභා රැස්වීමේදී පත් කර ගන්නා ලද නිලවරණ කමිටුව  සම්බන්ධයෙන් ඇති වූ ඇතැම් මතභේදයන් මත එය සක්‍රිය කර ගැනීම සඳහා ඊයේ (26) නැවත විශේෂ මහා සභාවක් කැඳවනු ලැබූ අතර එහිදී නිලවරණ කමිටුව සඳහා විශ්‍රාමික මහාධිකරණ විනිසුරු තිස්ස ඒකනායක (සභාපති), විශ්‍රාමික මේජර් ජනරාල් මහින්ද ලියනගේ හා ජාතික තහනම් උත්තේජන නිවාරණ ආයතනයේ සභාපති වෛද්‍ය සීවලී ජයවික්‍රම යන මහත්වරුන් නිර්දේශ කර ගනුණි.

මත බේදයට තුඩුදුන් මාර්තු 12 වැනිදා පැවති විශේෂ මහ සභා රැස්වීමේදී නිලවරණ කමිටුවේ සභාපති ධුරයට නිර්දේශ වූයේද තිස්ස ඒකනායක මහතාය.

අනුරාධපුරය දිස්ත්‍රික් පාපැදි සංගමයේ ලේකම් උපුල් චන්දන ප්‍රියනාත් මහතා ‘ලංකාදීප’ය කළ විමසුමකදී පැවසුවේ පාපැදි සම්මේලනයේ සභාපතිවරයා ඊයේ පැවැති විශේෂ මහ සභා රැස්වීම පක්ෂග්‍රාහීව පැවැත්වීමට කටයුතු කිරීමත්  එමෙන්ම නිලවරණ කමිටුවේ සභාපතිධුරයට නැවත බහුතර ක්‍රීඩා සමාජ ගණනකින් නිර්දේශ කළ තිස්ස ඒකනායක මහතාගේ පත්වීම ප්‍රතික්ෂේප කරමින් හැසිරීමත් යන චෝදනා කීපයක් මුල් කර ගනිමින්  ඒ පිළිබඳව මැදිහත් වීමක් කරන ලෙස ඉල්ලා අද ක්‍රීඩා අධ්‍යක්ෂ ජනරාල්වරයාට විරෝධතාවයක් (අභියාචනයක්) බාර දෙන බවත්ය.

ඊයේ පැවැති විශේෂ මහ සභා රැස්වීමේදී අදහස් දක්වා ඇති පාපැදි සම්මේලනයේ සභාපතිවරයා නිලවරණ කමිටුවේ සභාපතිධුරයට නිර්දේශ කළ නාමයෝජනාව සම්බන්ධයෙන් ගැටලු රැසක් පවතින බැවින් එය අනුමත කිරීම තමන්ට එකඟ විය නොහැකි බවත් එම ප්‍රශ්නය  පාපැදි සම්මේලනයේ විධායක සභා​වේදී තීරණය කර ගැනවීමට තමන් බලාපොරොත්තු වන බවත්ය.

 


අදහස් (0)

නිලවරණ කමිටුවට බාධා: පාපැදි සභාපතිට චෝදනා

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.