Last Update  :  2024-05-06 19:12:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news නිර්නාමික ලිපියකට ප්‍රතිචාර මොකටද‘යි වැඩබලන අධ්‍යක්ෂගෙන් සැර ලිපියක්

නිර්නාමික ලිපියකට ප්‍රතිචාර මොකටද‘යි වැඩබලන අධ්‍යක්ෂගෙන් සැර ලිපියක්

editorial - 2023 ජුනි මස 14 {{hitsCtrl.values.hits}} Views 1 Comment
A A A


(නාමල් පතිරගේ)

තායිලන්තයේදී පැවැත්වෙන ආසියානු මලල ක්‍රීඩා ශූරතාවලිය (2023) සඳහා අධ්‍යාපන අමාත්‍යාංශය නිර්දේශ කළ ක්‍රීඩිකාවන් භාර නිලධාරිනිය සම්බන්ධයෙන් නිර්නාමික ලිපියක් පදනම් කර ගනිමින් කඩිනම් ප්‍රතිචාර දැක්වීමට ජාතික ක්‍රීඩා තේරීම් කමිටුව උනන්දු නොවිය යුතු බව අධ්‍යාපන අමාත්‍යාංශයේ වැඩබලන අධ්‍යක්ෂ (ශරීරික අධ්‍යාපන හා ක්‍රීඩා) උපාලි අමරතුංග මහතා ජාතික ක්‍රීඩා තේරීම් කමිටුවට ලිපියක් යොමු කරමින් දැනුම් දෙයි.

එහි ලේකම් අර්ජුන් ප්‍රනාන්දු මහතා වෙත යොමුකළ එම ලිපියෙන් ඔහු අවධාරණය කර ඇත්තේ ඒ සඳහා නිර්දේශ කළ කොළඹ ශාන්ත පාවුළු බාලිකා විදුහලේ ක්‍රීඩා භාර ආචාරිණී මුදිතා ලියනපතිරණ මහත්මියගේ සුදුසුකම් සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍යාංශයට කිසිදු ගැටලුවක් මතු වී නැති බවත් ‘බස්නාහිර පළාත් පුහුණුකරුවන්’ මැයෙන් ඉදිරිපත් වීමට හැකියාවක් නැති පිරිසකගේ නිර්නාමික ලිපියකට කඩිනම් ප්‍රතිචාර දැක්වීමට කිසිදු අවශ්‍යතාවයක් නැති බවත්ය.

තායිලන්තයේ පත්තයා නුවරදී මීළඟ ආසියානු මලල ක්‍රීඩා තරගාවලිය පැවැත්වෙන්නේ ලබන ජූලි 12 වැනිදා සිට 16 වැනිදා දක්වාය. ඒ සඳහා ශ්‍රී ලංකා මලල ක්‍රීඩා ආයතනය නිර්දේශ කෙරෙන ශ්‍රී ලංකා මලල ක්‍රීඩා කණ්ඩායමට පාසල් ක්‍රීඩිකාවන් තිදෙනෙකු ද ඇතුළත් කෙරෙන බැවින් මෙම නිලධාරිනියගේ පත්කිරීම කර තිබේ.

‘බස්නාහිර පළාත් පුහුණුකරුවන්’ මැයෙන් මෙම නිර්නාමික ලිපිය අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම්වරයාටත් යොමුකර ඇතැයි ද වාර්තා වේ.

ශ්‍රී ලංකා මලල ක්‍රීඩා ආයතන ආරංචි මාර්ග සඳහන් කරන අන්දමට අධ්‍යාපන අමාත්‍යාංශය විසින්  නිර්දේශ කරන ලද එම නිලධාරිනිය නිර්දේශ ලේඛනයෙන් ඉවත් කිරීමට කටයුතු කළහොත් ඒ වෙනුවෙන් වෙනත් නිලධාරිනියන් සහභාගි නොකිරීමට ද මේ වන විට තීරණයක් ගෙන ඇත.


අදහස් (1)

නිර්නාමික ලිපියකට ප්‍රතිචාර මොකටද‘යි වැඩබලන අධ්‍යක්ෂගෙන් සැර ලිපියක්
  • Bunny Preena Friday, 16 June 2023 09:38 AM

    සුව කළ නොහැකි රෝගයෙන් පෙළෙන පිරිසකගේ වැඩක් වගේ පේන්න තියෙන්නේ...!

    Reply 0       0


ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.