නාවික හමුදා පිල සහ පොලිස් පිල අතර වැලිසර ක‍්‍රීඩාංගණයේදී ඊයේ (23) මිනිත්තු 39 ක් පමණක් පවත්වා වර්ෂාව හේතුවෙන් අත්හිටුවූ තරගයේ ඉතිරි කොටස අද (24 වැනිදා) එම ක‍්‍රීඩාගංණයේදීම පැවැත්විණි. මෙම තරගයෙන් නාවික හමුදා පිල ලකුණු 46-10 ක පහසු ජයක් ලැබීය.
පළමු දිනයේ තරගය අත්හිටුවන විට නාවික හමුදා පිල ලකුණු 22-3 ක් ලෙස පෙරමුණේ පසුවිය. මෙම තරගයේ ඊයේ පැවැති මිනිත්තු 41 දී නාවික හමුදා පිල තවත් ලකුණු 24 ක් ද, පොලිස් පිල තවත් ලකුණු 7 ක් ද, රැස් කළේය.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.