අන්තර් පාසල් වයස 19 න් පහළ ‘සිංගර් කුසලාන’ ක්‍රිකට් තරගාවලියේ ගාල්ල මාදම්පා මැදි විදුහල සහ මිනුවන්ගොඩ නාලන්දා මැදි විදුහල අතර මාදම්පා මැදි විදුහල් ක්‍රීඩාංගණයේදී පැවැති III කොටසේ තරගයෙන් ලකුණු 107 ක ජයක් වාර්තා කිරීමට නාලන්දා මැදි විදුහල සමත් විය.
නාලන්දා මැදි විදුහල් දෙවැනි ඉනිමේදී නොදැවී ලකුණු 90 ක් රැස්කිරීමට සලිඳු මල්මින සමත් වූ අතර එම විදුහලේම කවිඳු මධුරංග ලකුණු 52 කට කඩුලු 9 ක් දවාගනිමින් පන්දුවෙන් දස්කම් දැක්වීය.
නාලන්දා මැදි විදුහල් පළමු ඉනිම - ඕවර 36.3 කදී සියලු දෙනා දැවී 115
(සලිඳු මල්මින 29, චමොද් කේෂාන් 35/4, මල්ෂ තරුපති 19/3, උදේෂ් චතුරංග 18/2)
මාදම්පා මැදි විදුහල් පළමු ඉනිම - ඕවර 32.3 කදී සියලු දෙනා දැවී දැවී 120
(සචින් දිල්හාර 70, කවිඳු මධුරංග 19/6, නිමේෂ් ප්‍රභාෂන 08/2, කවිෂ්ක ලක්ෂාන් 31/2)
නාලන්දා මැදි විදුහල් දෙවැනි ඉනිම - ඕවර 56 කදී සියලු දෙනා දැවී 220
(සලිඳු මල්මින නොදැවී 90, නිපුන් කනිෂ්ක 40, සචිරු හංසල 23, චමෝද් කේෂාන් 33/3, කාවින්ද සුරේෂන 27/2, මල්ෂ තරුපති 45/2)
මාදම්පා මැදි විදුහල් දෙවැනි ඉනිම - ඕවර 40.1 කදී සියලු දෙනා දැවී දැවී 108
(චමෝද් දිල්හාර 35, වනුජ බණ්ඩාර 15/3, කවිෂ්ක ලක්ෂාන් 25/3, කවිඳු මධුරංග 33/3)
-036
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.