අන්තර් පාසල් වයස 15 න් පහළ ‘සිංගර් කුසලාන’ ක්‍රිකට් තරගාවලියේ මිනුවන්ගොඩ නාලන්දා මැදි විදුහල සහ සියඹලාපේ යෝක් ජාත්‍යන්තර පාසල අතර දිවුලපිටිය මහජන ක්‍රීඩාංගණයේදී පැවැති III කොටසේ තරගයේදී පළමු ඉනිමේ ජයක් වාර්තා කිරීමට නාලන්දා මැදි විදුහල සමත් විය.
එහිදී නාලන්දා මැදි විදුහල වෙනුවෙන් ශතකයක් ලබාගැනීමට සලිඳු මල්මින (154) සමත් වූ අතර එම විදුහලේම නඳුන් කල්හාර සහ මහිඳු මලිත් කඩුලු 4 බැගින් දවාගනිමින් පන්දුවෙන් දස්කම් දැක්වූහ.
නාලන්දා මැදි විදුහල - පළමු ඉනිම - ඕවර 52 කදී සියලු දෙනා දැවී 321
(සලිඳු මල්මින 154, සචිරු හංසල 38, චාමික දසුන් 30, මහිඳු මල්ත් 23, මාර්ක් ඩිලාන් 60/4, අවිෂ්ක නිර්මාල් 73/3, චමෝද් විජේසිංහ 60/2)
යෝක් ජාත්‍යන්තර පාසල - පළමු ඉනිම - ඕවර 32.1 කදී සියලු දෙනා දැවී 62
(චමෝද් විජේසිංහ 24, නඳුන් කල්හාර 09/4, මහිඳු මලිත් 19/4)
නාලන්දා මැදි විදුහල - දෙවැනි ඉනිම - ඕවර 19 කදී කඩුලු 3 ක් දැවී 115
(සලිඳු මල්මින 36, චාමික දසුන් 29, අෂාන් විනුර නොදැවී 26, චමෝද් විජේසිංහ 23/2)
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.