පාකිස්තානය සහ නවසීලන්තය අතර ඩුබායි අන්තර් ජාතික කී‍්‍රඩාංගණයේදී පැවැත්වෙන දෙවැනි ටෙස්ට් කි‍්‍රකට් තරගයේ දෙවැනි දිනය වූ අද (18 වැනිදා) තරගය නතර කරන විට පළමු ඉනිම වෙනුවෙන් පන්දුවට පහරදෙමින් සිටි පාකිස්තාන පිල කඩුලූ 2 ක් දැවී ලකුණු 34 ක් ලබා සිටියේය.
ඒ අනුව පාකිස්තානය, නවසීලන්තයට වඩා තවත් ලකුණු 369 ක් පසුපසින් සිටියි.
පාකිස්තාන පිලේ නිත්‍ය ආරම්භක පිතිකරුවන් දෙදෙනා වන අහමඞ් ශේෂාඞ් සහ මොහොමඞ් හසීෆ් මෙම තරගයට කී‍්‍රඩා නොකරන අතර ඔවුන්ගේ ස්ථාන සඳහා කැඳවා සිටි ශාන් මසූද් සහ තව්ෆික් උමාර්ද අඩු ලකුණු සංඛ්‍යාවන් වලට දැවී යෑම පාකිස්තාන පිලට විශාල පාඩුවක් විය.
කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහරදුන් නවසීලන්ත පිල සියලූ දෙනා දැවී ලකුණු 403 ක් ලබාගත්තේය.
හයවැනි ටෙස්ට් කි‍්‍රකට් තරගයට කී‍්‍රඩා කරන නවසීලන්ත ආරම්භක පිතිකරු ටොම් ලේතම්, එහිදී තම දෙවැනි ශතකය (137) රැස්කිරීමට සමත්විය. පන්දු 269 කදී වාර්තා වූ ඔහුගේ ශතකයට හයේ පහරක් සහ හතරේ පහර 11 ක් ඇතුළත් විය.
නවසීලන්ත ඉනිමේ පළමු කඩුල්ල සඳහා නායක බ්‍රෙන්ඩන් මැකලම් (43) සමග ලකුණු 77 ක සම්බන්ධතාවක් ගොඩනැගූ ලේතම්, දෙවැනි කඩුල්ල වෙනුවෙන් කේන් විලියම්සන් (32) සමග එක්ව ලකුණු 76 ක සම්බන්ධතාවක්ද, තෙවැනි කඩුල්ල වෙනුවෙන් රොස් ටේලර් (23) සමග එක්ව ලකුණු 73 ක සම්බන්ධතාවක්ද ගොඩනඟමින් තම කණ්ඩායමේ ලකුණු සංඛ්‍යාව ඉහළ දැමීය.
පාකිස්තාන පිලේ සාර්ථකම පන්දුය යවන්නා වූ සුල්ෆිකර් බාබර් ලකුනු 137 කට කඩුලූ 4 ක් දවාගැනීමට සමත් විය.
නවසීලන්ත පළමු ඉනිම - සියලූ දෙනා දැවී 403
(ටොම් ලේතම් 137, බ්‍රෙන්ඩන් මැකලම් 43, කේන් විලියම්සන් 32, රොස් ටේලර් 23, ජේම්ස් නීෂම් 17, බෙන් වෙට්ලින් 39, මාර්ක් කේ‍්‍රග් 43, ටිම් සවුති 17, ඉෂ් සෝධි නොදැවී 32, සුල්ෆිකර් බාබර් 137/4, ඒසන් අදිල් 73/2, යසර් ශා 92/2)
පාකිස්තාන පළමු ඉනිම - කඩුලූ 2 ක් දැවී 34
(තව්ෆීක් උමාර් 16
-036
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.