අන්තර් පාසල් වයස 15 න් පහළ ‘සිංගර් කුසලාන’ ක්‍රිකට් තරගාවලියේ මිනුවන්ගොඩ නාලන්දා මැදි විදුහල සහ ගම්පහ බණ්ඩාරනායක විදුහල් ‘බී’ කණ්ඩායම අතර දිවුලපිටය මහජන ක්‍රීඩාංගණයේදී පැවැති III
කොටසේ තරගයේදී ඉනිමක සහ ලකුණු 166 ක ජයක් වාර්තා කිරීමට නාලන්දා මැදි විදුහල සමත් විය.
එහිදී නාලන්දා මැදි විදුහලේ නඳුන් කල්හාර (104) ශතකයක් ලබාගනිමින් ලකුණු 49 කට කඩුලු 7 ක් දවාගැනීමට සමත් වූ අතර එම විදුහලේම මහිඳු මලිත් ලකුණු 20 කට කඩුලු 9 ක් දවාගත්තේය.
බණ්ඩාරනායක විදුහල් ‘බී’ පිල - පළමු ඉනිම - ඕවර 22.2 කදී සියලු දෙනා දැවී 60
(හේෂාන් සමලියාරච්චි 21, මහිඳු මලිත් 11/5, නඳුන් කල්හාර 28/3, නවීන් දිස්නක 06/2)
නාලන්දා මැදි විදුහල - පළමු ඉනිම - ඕවර 40.3 කදී කඩුලු 4 ක් දැවී 273
(නඳුන් කල්හාර 104, චාමික දසුන් 63, සලිඳු මල්මින 34, සචිරු හංසල නොදැවී 24, වෙනුජ හේසර 72/2)
බණ්ඩාරනායක විදුහල් ‘බී’ පිල - දෙවැනි ඉනිම - ඕවර 36.2 කදී සියලු දෙනා දැවී 47
(මහිඳු මලිත් 09/4, නඳුන් කල්හාර 21/4, අනුද ඉන්දීප 08/2)
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.