ජපානයේ කරාතේ දෝ ‘ඩෙජෝකායි’ ජාත්‍යන්තර සංගමයේ ශ්‍රී ලංකා නියෝජිත, ශිහාන් නන්දසිරි ලොකුකලූගේ මහතා පසුගියදා ජපානයේ පැවති සති තුනක තාක්‍ෂණික පුහුණුවක් නිමා කොට කළු පටි ඩිප්ලෝමා 7 වන ශ්‍රේණිය සමත් විය.
එම උසස්වීමත් සමග ඔහු ’ෂොතෝකාන්’ කරාතේ දෝ සම්මේලනයේ සභාපති තනතුරට පත්විය. මෙහි විශේෂත්වය වුයේ ඒ සඳහා ආසියාවෙන් සුදුසුකම් ලබා සිටියේ ඔහු පමණක් වීමයි.
දැනට මුළු දිවයිනටම කී‍්‍රඩා අමාත්‍යංශයේ කරාතේ දෝ සම්මේලනයේ ජාත්‍යන්තර කලූපටි 7 වන ශ්‍රේණිය සමත් හතර දෙනකු සිටින අතර ඉන් ලාබාලම සහ ‘ෂොතෝකාන්’ ශෛලීය ඉහළින්ම සුදුසුකම් ලබා ඇති නන්දසිරි මහතාට එම ජාත්‍යන්තර සංගමයෙන් ‘ශිහාන්’ පදවියද පිරිනමා ඇත.
දැනට ජපානයේ ජාත්‍යන්තර තාක්‍ෂණික වැඩසටහන් 20 කට සහභාගි වී ඇති ශිහාන් නන්දසිරි ලොකුකලූගේ මහතා ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනයේ කී‍්‍රඩා කළමණාකරු සහ කාරාතේ හා ශාරීරික ව්‍යායාම සංගමයේ ප‍්‍රධාන උපදේශක වශයෙන් කටයුතු කරයි.
ලොකුකලූගේ මහතා ශ්‍රී ලංකාව නියෝජනය කරමින් මේ වන විට ශ්‍රී ලංකා කරාතේ දෝ සම්මේලනයේ ප‍්‍රධාන පුහුණුකරු, කණ්ඩායම් කළමණාකරු, ආසියානු විනිසුරු, විධායක කමිටු සාමාජික සහ විනිසුරු කොමිසමේ සාමාජික වැනි තනතුරු දරා ඇත.
කොළඔ ආනන්ද, රාජකීය, අනුලා, මාතර රාහුල, සාන්ත තෝමස්, මාතර මහ විද්‍යාලය සහ මාතර කන්‍යාරාමය යන විදුහල් වල ප‍්‍රධාන කරාතේ පුහුණුකරු වශයෙන්ද ශිහාන් නන්දසිරි ලොකුකලූගේ මහතා කටයුතු කරයි.
- 036
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.