Last Update  :  2025-05-03 18:30:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news නිලවරණ කමිටුව 31 දා රැස්වෙයි

නිලවරණ කමිටුව 31 දා රැස්වෙයි

සංජය එරමුදුගොඩ - 2017 ඔක් මස 25 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ශ්‍රී ලංකා බැඞ්මින්ටන් සංගමයේ නිලවරණ කමිටුව ලබන අඟහරුවාදා (31) ජාතික ඔලිම්පික් කමිටු ශ්‍රවණාගාරයේදී රැස්වීමට අද (25) ක්‍රීඩා අමාත්‍යාංශයේ පැවැති විශේෂ සාකච්ඡාවකදී තීරණය කර තිබේ.

ලෝක බැඞ්මින්ටන් සම්මේලනය විසින් පසුගිය සඳුදා (23) සිට බලපැවැත්වෙන පරිදි ශ්‍රී ලංකාවට තහනමක් පැනවීම සම්බන්ධයෙන් ගත යුතු ඉදිරි ක්‍රියාමාර්ග තීරණය කිරීම සඳහා ක්‍රීඩා ඇමැති දයාසිරි ජයසේකර මහතාගේ ප්‍රධානත්වයෙන් අද පැවැති මෙම විශේෂ සාකච්ඡාවට ක්‍රීඩා ඇමැතිවරයා විසින් දැනට අධිකරණයේ විභාගවන නඩුවට අදාළ පාර්ශ්වද කැඳවනු ලැබ තිබුණි.

එකී නඩුවට අදාළ පාර්ශව වෙනුවෙන් පෙනීසිටින නීතීඥවරුන් දෙදෙනෙකුද හවුල්කර ගනිමින් අද එම සාකච්ඡාව පවත්වා තිබේ. එහිදී වැඩිදුරටත් තීරණය කර තිබෙන පරිදි නිලවරණ කමිටුව පත්කිරීම ජාතික ඔලිම්පික් කමිටුවේ සම්බන්ධීකරණයෙන් සිදුවන බව ක්‍රීඩා අමාත්‍යංශයෙන් අද නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් දැක්වේ.   

 


අදහස් (0)

නිලවරණ කමිටුව 31 දා රැස්වෙයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.