Last Update  :  2025-09-08 13:42:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news නිපුනගෙන් ද්විත්ව ශතකයක්

නිපුනගෙන් ද්විත්ව ශතකයක්

සංජය එරමුදුගොඩ - 2016 ඔක් මස 08 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

පානදුර ශ්‍රී සුමංගල විදුහල සහ කළුතර සිරි කුරුස විදුහල අතර මග්ගොනදී පැවැති අන්තර් පාසල් වයස 19 න් පහළ ‘සිංගර් කුසලාන’ ක්‍රිකට් තරගාවලියේ II කාණ්ඩයේ තරගයේදී ද්විත්ව ශතකයක් ලබාගැනීමට ශ්‍රී සුමංගල විදුහලේ නිපුන දේෂාන් (200) සමත් විය.

දේෂාන්ගේ එම ද්විත්ව ශතකය නිසා ශ්‍රී සුමංගල විදුහල සිය පළමු ඉනිම සඳහා ලකුණු 451 ක් ලබාගත් අතර තරගය ජය පරාජයෙන් තොරව අවසන් විය. ඉන් නොනැවතුණ දේෂාන්, ලකුණු 86 කට සිරි කුරුස විදුහල් කණ්ඩායමේ කඩුලු 4 ක් දවාගැනීමටද සමත් විය.

සිරි කුරුස විදුහල වෙනුවෙන් අර්ධ ශතක ලබාගැනීමට කළණ හරේන්ද්‍ර (85), ලහිරු තඹවිට (66) සහ පසිඳු පෙරේරා (50) සමත් වූ අතර බුද්ධිමාල් විහඟ (66) ශ්‍රී සුමංගල විදුහල වෙනුවෙන් අර්ධ ශතකයක් ලබාගත්තේය.  


ශ්‍රී සුමංගල විදුහල පළමු ඉනිම - ඕවර 98 කදී කඩුලු 9 ක් දැවී 451
(නිපුන දේෂාන් 200, බුද්ධිමාල් විහඟ 66, ඉසුරු උමයංග 47, හරිත ලක්ෂාන් 40, සංජන සෙනාල් 34, අවිෂ්ක පෙරේරා 64/2, මලින්ද ජයකොඩි 90/2)

සිරි කුරුස විදුහල පළමු ඉනිම - ඕවර 113 කදී කඩුලු 8 ක් දැවී 289  
(කාවින්ද්‍ර අංජුල නොදැවී 48, කළණ හරේන්ද්‍ර 85, ලහිරු තඹවිට 66, පසිඳු පෙරේරා 50, අවිෂ්ක පෙරේරා 27, නිපුන දේෂාන් 86/4)

 


අදහස් (0)

නිපුනගෙන් ද්විත්ව ශතකයක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.