Last Update  :  2025-12-27 20:29:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news නිල් මහා සටන මාර්තු 12 වැනි දා

නිල් මහා සටන මාර්තු 12 වැනි දා

සංජය එරමුදුගොඩ - 2015 පෙබ මස 27 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

කොළඹ රාජකීය විද්‍යාලය හා ගල්කිස්ස සාන්ත තෝමස් විද්‍යාලය අතර 136 වැනි වරට පැවැත්වෙන නිල් මහා සටන මහා කි‍්‍රකට් තරගය මාර්තු මස 12, 13 හා 14 තෙදින  කොළඹ සිංහල ක‍්‍රීඩා සමාජ (එස්. එස්. සී.) ක‍්‍රීඩාංගණයේදී පැවැත්වේ.

දීර්ඝ ඉතිහාසයකට හිම්කම් කියන රාජකීය සාන්ත තෝමස් වාර්ෂීක කි‍්‍රකට් තරගය 1879 වර්ෂයේදී ආරම්භ වූ අතර ලෝක ක‍්‍රිකට් ඉතිහාසය තුළ නොනවත්වා පවත්වන දෙවැනි දීර්ඝතම තරගය මෙය වේ. පාසල් දෙකම තම වර්ණයන් ලෙස නිල් පැහැය තෝරාගන්නා හෙයින් නිල් මහ සටව යන අන්වර්ත නාමය පටබැදී ඇත.

මේ දක්වා පැවැති තරග අතුරින් පාසල් දෙකම තරග 34 බැගින් ජයගෙන සම තත්ත්වයේ පසුවෙයි. සෙසු සියලු තරග ජය පැරදුමකින් තොරව අවසන් වී ඇත.

අභිමානවත් ඩී. එස්. සේනානායක පළිහ වෙනුවෙන් සටන් වදින නිල් මහ සටන වෙනුවෙන් නව ලාංඡනයක් හා රන් කාසියක් හඳුන්වා දුන් අතර එම කාසිය මෙවරද කාසියේ වාසිය උරගා බැලීමට යොදා ගනී.

 


අදහස් (0)

නිල් මහා සටන මාර්තු 12 වැනි දා

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.