මෙම වසර තුළදී සිය පස් වැනි එක් දින ශතකයත් ලබා ගත් ෂිකාර් ධවාන්ගේ පිතිහරඹය නිසා ඉන්දියාව සහ බටහිරඉන්දීය කොදෙව් පිල
අතර අද (27 වැනිදා) කාන්පූර්හිදී පැවැති තුන්වැනි එක්දින තරගයේදී කඩුලූ 5 ක ජයක් ලබා ගැනීමට ඉන්දීය කණ්ඩායම සමත් විය.
ලකුණු 264 ක ඉලක්කයක් කරා ගිය ඉන්දීය කණ්ඩායම ඕවර3.5 ක් ඉතිරිව තිබියදී තරගය ජය ගැනීමට සමත් විය.
පන්දු 95 කදී හතරේ පහර20 ක් සමගින් ලකුණු 119 ක් ලබා ගැනීමට ශිකාර් ධාවන් සමත් විය. ධවාන් සහ යුවරාජ් සිං එක්ව තුන්වැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 129 ක සම්බන්ධතාවක් ගොඩනැංවූවද යුවරාජ් දැවී යාමෙන් එම සම්බන්ධතා බිඳ වැටිණ.
මුලින්ම පන්දුවට පහර දුන් බටහිර ඉන්දිය කොදෙව් පිල ඕවර 50 අවසානයේදී කඩුලූ 5ක්දැවී ලකුණු263ක් රැස්කර ගැනීමට සමත් විය.
මාලන් සැමුවෙල් (71), කිරන් පවෙල් (70), ඞ්වේන් බ්රාවෝ (නොදැවී 51) අර්ධ ශතක ලබා ගත්හ.
බටහිර ඉන්දිය කොදෙව් ඕවර 50 කදී කඩුලූ 5ක් දැවී 263
(මාලන් සැමුවෙල් 71, කිරන් පවෙල් 70, ඞ්වේන් බ්රාවෝ නොදැවී 51, ඩැරන් සමී නොදැවී 37, රවීචන්ද්රන් අශ්වින් 45/2)
ඉන්දියාව 46.1 කදී කඩුලූ 5 ක් දැවී266
(ශීකාර් ධාවන් 119, යුවරාජ් සිං55, සුරේෂ් රයිනා 34, රවී රාම්පෝල් 55/2, ඩැරන් බ්රාවෝ 57/2)
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.