Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
කැලණිය ශ්‍රී ධර්මාලෝක විදුහල හා කැලණිය ගුරුකුල විදුහල අතර පැවති 29 වැනි “කැලණි සටන” වාර්ෂික මහා ක්‍රිකට් තරගයට සමගාමීව කොළඹ ආර්. ප්‍රේමදාස ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැති 27 වැනි සීමිත ඕවර ක්‍රිකට් තරගයෙන් කඩුලු 7 ක විශිෂ්ට ජයක් අත්කර ගැනීමට ශ්‍රී ධර්මාලෝක විදුහල ක්‍රීඩකයෝ සමත් වූහ.
කාසියේ වාසිය දිනාගත් කැලණිය ගුරුකුල විදුහල පළමුව පන්දුවට පහර දුන් අතර ඕවර 40.5ක් තුළ සියලු දෙනා දැවී ලකුණු 172ක් ලබාගත් අතර, ගුරුකුල විදුහල වෙනුවෙන් පෘතුවි රූසර පන්දු 51ක් තුළ ලකුණු 37ක් ලබාගත්තේය.
ජයග්‍රහණය සඳහා ලකුණු 173 ක ඉලක්කයක කරා ගිය ශ්‍රී ධර්මාලෝක විදුහල ඕවර 31.2 ක් අවසානයේ කඩුලු 3 ක් පමණක් දැවී ලකුණු 173 ලබා පහසු ජයග්‍රහණයක් ලැබූ අතර, වැඩිම ලකුණු ලබාගත් ධර්මාලෝක විදුහලේ හිමාලක ඉදුරංග පන්දු 32 ක් තුළ ලකුණු 64 ක් ලබා ගත්තේය. යුනිෂ විෂාන් පන්දු 65 ක් තුළ ලකුණු 51 ක් ද, සමිත රංග පන්දු 45 ක් තුළ ලකුණු 22ක් ද ලබා ගනිමින් ශ්‍රී ධර්මාලෝක විදුහල ජයග්‍රහණය කරා රැගෙන ගියෝය.
තරගයේ වීරයාට හා තරගයේ හොඳම පන්දු යවන්නාට හිමි කුසලාන සම්මාන දෙකම දිනා ගැනීමට ශ්‍රී ධර්මාලෝක විදුහලේ යුනිෂ ඩිෂාන් සමත් වූ අතර, එම විදුහලේම මනුර අක්ෂර හොඳම පන්දු රකින්නා ලෙසත්, හිමාලක ඉඳුරංග හොඳම පිතිකරු ලෙස ද සම්මාන දිනා ගනිමින් සම්මාන හතරම ධර්මාලෝක විදුහලට හිමි විය.
ගුරුකුල විදුහල ඕවර 40.5 කදී සියලු දෙනා දැවී ලකුණු 172
(පෘතුවි රූසර 37, කෙමිර නයනතරු 34, අසින්ත මල්ෂාන් 33, යුගිෂ දිෂාන් 31/3, මාධව කවිඳු 26/2, සමිත රංග 19/2)
ධර්මාලෝක විදුහල ඕවර 31.2 කදී කඩුලු 3 ක් දැවී 173
(හිමාලක ඉදුරංග 64, යුනිෂ විෂාන් 51, සමිත රංග 22)
|
|
(ඡායාරූප - කැලණිය ලාල් එස්. කුමාර)
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.