Last Update  :  2025-12-28 23:30:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news ධර්මරාජ විදුහල් ක‍්‍රීඩකයෝ කදුරට මහ ගැටුම ජය ලබති

ධර්මරාජ විදුහල් ක‍්‍රීඩකයෝ කදුරට මහ ගැටුම ජය ලබති

සංජය එරමුදුගොඩ - 2014 මාර් මස 23 {{hitsCtrl.values.hits}} Views 1 Comment
A A A

මහනුවර කිංග්ස්වුඞ් විදුහල සහ මහනුවර ධර්මරාජ විදුහල අතර මහනුවර අස්ගිරිය ක‍්‍රීඩාංගණයේදී පැවැති 108 වැනි ‘කදුරට මහ ගැටුම’ වාර්ෂික මහ ක‍්‍රිකට් තරගයෙන් කඩුලූ 9 ක ජයක් ලැබීමට ධර්මරාජ විදුහල් ක‍්‍රීඩකයෝ සමත් වූහ.  

වෙනුක ගලහිටියාව (18/7) ප‍්‍රමුඛ ධර්මරාජ විදුහල් පන්දු යවන්නෝ කිංග්ස්වුඞ් විදුහල් දෙවැනි ඉනිම ලකුණු 79 කට සීමා කරමින් ජයග‍්‍රහණයට මග සකස්කර ගැනීමට සමත් වූහ.

වෙනුක ගලහිටියාව මුළු තරගයේදී ලකුණු 81 කට කඩුලූ 9 ක් දවා ගනිමින් තරගයේ වීරයා සම්මාන හිමිකර ගත්තේය.  

 

කිංග්ස්වුඞ් විදුහල පළමු ඉනිම  ඕවර 63 කදී සියලූ දෙනා දැවී 203 (මිහිඳුම් වීරසිංහ 44, රුවන්ත හතුරුසිංහ 43, සුපුන් බණ්ඩාර 30, දිනෙත් ලංකා 52/5, වෙනුක ගලහිටියාව 63/2, සපුමල් තෙන්කෝන් 15/2) සහ දෙවැනි ඉනිම  ඕවර 47.1 කදී 79 (ශානුක රත්නායක 20, තරිඳු ලියනගේ 23, වෙනුක ගලහිටියාව 18/7, සපුමල් තෙන්නකෝන් 12/3)

ධර්මරාජ විදුහල පළමු ඉනිම  ඕවර 65.5 කදී සියලූ දෙනා දැවී 229 (ජයපත්ම තෙන්නකෝන් 30, චන්දිමාල් ද සිල්වා 55, කාවින්ද රත්නායක 38, දිනෙත් ලංකා 29, තනූෂ වේරගොඩ 23, තරිඳු ලියනගේ 45/5, දමින්ද වීරකෝන් 56/3) සහ දෙවැනි ඉනිම  ඕවර 8 කදී කඩුලූ 1 ට 54 (රමේෂ් රණසිංහ නොදැවී 31, ජයපත්ම තෙන්නකෝන් නොදැවී 14)


අදහස් (1)

ධර්මරාජ විදුහල් ක‍්‍රීඩකයෝ කදුරට මහ ගැටුම ජය ලබති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.