Last Update  :  2024-04-17 22:18:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news ධනුක දෙවැනි වටයට

ධනුක දෙවැනි වටයට

editorial - 2022 අගෝ මස 05 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(නාමල් පතිරගේ)

කොලොම්බියාවේ දී දැන් පැවැත්වෙන 18 වැනි ලෝක ශූරතා මලල ක්‍රීඩා කනිෂ්ඨ (වයස 20න් පහළ) තරගාවලියේ මීටර 400 කඩුලු (පිරිමි)  ඉසව්වේ අවසන් පූර්ව තරගයට නිර්දේශ ලබා ගැනීමට ශ්‍රී ලංකා ක්‍රීඩක දනුක දර්ශන ධර්මසේන සමත් විය.

මෙහි හත් වැනි මූලික තරගය සඳහා සහභාගි වූ ධනුක දර්ශන තත්ත්පර 51.41ක කාලයක් වාර්තා කරමින් එහි දෙවැනි ස්ථානයට පත් වෙමින් ශ්‍රී ලංකා වේලාවෙන් අද (5) පාන්දර 3.10ට පැවැත්වීමට නියමිතව තිබූ එහි අවසන් පූර්ව වටයට සහභාගීවීමට සූදානම්ව සිටියේය.

මෙම මූලික තරගයේදී පස්වැනි ස්ථානය දක්වා පැමිණි ක්‍රීඩකයන් අවසන් පූර්ව වටයට නිර්දේශ කර ගත් අතර එහිදී ධනුක දර්ශනගේ තරග නිමි කාලය නව ශ්‍රී ලංකා කනිෂ්ඨ වාර්තාවකි. මෙම මූලික තරගය වඩාත්ම වේගවත් කාලයක් වාර්තා කිරීමෙන් එහි තෙවැනි ස්ථානය තෙක් පැමිණි ක්‍රීඩකයන් හැරෙන්නට එයින් වේගවත්ම තවත් ක්‍රීඩකයන් දෙදෙනකු අවසන් පූර්ව වටයට තෝරා ගැනුණි.

මීට පෙර ඔහුගේ ඉසව්වේ හොඳම කාලය බියගම ධාවන පථයේ දී තත්පර 51.99ක් ලෙස සටහන්වී තිබුණි. මූලික වටයේ සමස්ත ප්‍රතිඵලයට අනුව ශ්‍රී ලංකා ක්‍රීඩකයා 13 වැනි ස්ථානයට පත්ව තිබුණි.

මෙහි හොඳම දක්ෂතාව වාර්තා කළේ ප්‍රිටෝරිකා රාජ්‍යයේ 18 හැවිරිදි ක්‍රීඩක යෑන් මනුවෙල් වැකියුස් විසිනි.  ඔහු පස්වැනි මූලික තරගය ජය ගත්තේ තත්පර 50.66ක සිය මෙතෙක් හොඳම වේගය රඳවා නිමිනි. ධනුක අඹගමුව මහ විදුහලේ සිසුවෙකි.

මේ අතර මීටර 400 (කාන්තා) ඉසව්වේ දෙවැනි වටයට පිවිසෙමින් ඊයේ (4) පාන්දර තරග වැදුණු ශ්‍රී ලංකා ක්‍රීඩිකා තරුෂි කරුණාරත්න තත්පර 54.86ක් දක්වා පහළට වැටීමෙන් එහි අවසන්  තරගයේ අවස්ථාව ඇයට අහිමි වූවාය. කෙසේ වුවත් තරුෂි අවසන් පූර්ව වටයට නිර්දේශ ලබා ගත්තේ තත්ත්පර 54.13කට තෙවැනි මූලික වටයේ සිවු වැනි ස්ථානය අත්කර ගැනීමෙනි.

අවසන් පූර්ව වටයේ සමස්ත ප්‍රතිඵලයට අනුව ඇය පසු වූයේ 21 වැනි ස්ථානයේය. ඇගේ මීට පෙර ඉසව්වේ හොඳම දක්ෂතාව තත්ත්පර 53.85කි.

මෙහි දී ඊයේ (4) දිනයේ ශ්‍රී ලංකා වේලාවෙන් පෙරවරු 7.30ට රුමේෂ් තරංග පතිරගේ හෙල්ල විසි කිරීම (පිරිමි) ඉසව්ව සඳහාත් පසිඳු මල්ෂාන් තුන් පිම්ම (පිරිමි) ඉසව්වේ සුදුසුකම් තරග වටය සඳහාත් සහභාගි වීමට නියමිතව සිටියේය.

පදක්කම් සටහනට අනුව ඇමරිකාව රන් පදක්කම් තුනක් දිනා ඊයේ (4) ශ්‍රී ලංකා වේලාවෙන් පස්වරුව වනවිට එහි පෙරමුණේම පසු විය. ඉන්දියාව එක් රිදී පදක්කමක් ඒ වනවිට දිනා 13 වැනි ස්ථානයේ පසුවිය. ඉන්දියාව මීටර 4x400 මිශ්‍ර ඉසව්වෙන් රිදී පදක්කම දිනා තිබේ.


අදහස් (0)

ධනුක දෙවැනි වටයට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.