
අන්තර් පාසල් වයස 19 න් පහළ ‘සිංගර් කුසලාන’ ක්‍රිකට් තරගාවලියේ අම්බලන්ගොඩ ශ්‍රී දේවානන්ද විදුහල සහ අනුරාධපුර මැදි විදුහල අතර අම්බලන්ගොඩ නගර සභා ක්‍රීඩාංගණයේදී පැවැති II කාණ්ඩයේ තරගයෙන් ලකුණු 28 ක ජයක් අත්කර ගැනීමට දේවානන්ද විදුහල සමත් විය.
එහිදී දක්ෂ පිතිහරඹයක නිරත වූ දේවානන්ද විදුහලේ කවීෂ කල්පන (71) අර්ධ ශතකයක් ලබාගත්තේය.
දේවානන්ද විදුහල - ඕවර 37.5 කදී සියලු දෙනා දැවී 181
(කවීෂ කල්පන 71, පසිඳු ධනංජය 43, දිමුතු ධනංජය 33/3, සචින්ත සංදීප 16/2, ලක්නේෂ් තිලකසිරි 31/2)
අනුරාධපුර මැදි විදුහල - ඕවර 33.5 කදී සියලු දෙනා දැවී 153
(ළහිරු ගීතාංජන 35, ලසන්ත රඹුක්වැල්ල 28, කවිඳු නේත්‍රාංජන 20, බුද්ධි ද සිල්වා 19/3, සිතුම් විහඟ 26/2, හසිඳු ප්‍රබෝද 37/2)
-036
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.