Last Update  :  2025-07-06 14:31:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news දේවපතිරාජයට පළමු ඉනිමේ ජයක්

දේවපතිරාජයට පළමු ඉනිමේ ජයක්

සංජය එරමුදුගොඩ - 2016 මැයි මස 25 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

සිංගර් කුසලාන වයස අවුරුදු 15 පහළ පළමු කාණ්ඩයේ පාසල් ක‍්‍රිකට් තරගාවලියේ රත්ගම දේවපතිරාජ විදුහල සහ මීපාවල අමරසුරිය විදුහල අතර පැවති තරගයේදී පළමු ඉනිමේ ජය රත්ගම දේවපතිරාජ විදුහල සතු විය.

දකුණතින් පිටදග පන්දු යවන සුධීර වීරරත්න  ලකුණු 18කදී කඩුලූ 5ක් ලබා ගැනීමෙන් සහ දෙවන ඉනිමේ නොදැවී ලකුණු 50ක් ලබාගනිමින් පිත්තෙන් දැක්වූ දස්කම්  සහ ඔහුට අනගි සහයක් ලබාදෙමින් ලකුණු 4 කට කඩුලූ 3 දවා ගනිමින් නවීන් ලක්ෂාන් දැක්වූ දස්කමත් දේවපතිරාජයේ ජයග‍්‍රහණයට හේතු විය.


දේවපතිරාජ විදුහල පළමු ඉනිම  ඕවර 36.3දි සියලූදෙනා දැවී ලකුණු 145යි
(සුධීර වීරරත්න 36, ලක්ෂාන් තිලිණ කුමාර 19, චාමික සඳරුවන් 16, ලහිරු සඳරුවන් 15, ලහිරු ප‍්‍රියංකර නොදැවී 14 යි,තීක්ෂණ දිල්ෂාන් 19/3,මලිත් මදුෂාන් 32/3,සිතුම් කාවින්ද 41/2)

දේවපතිරාජ විදුහල දෙවන ඉනිම  ඕවර13.2 දී කඩුලූ 1 දැවී ලකුණු 71යි.
(සුධීර වීරරත්න නොදැවී 51, සහන් මදුශංක නොදවි 11)

මීපාවල අමරසුරිය විදුහල  ඕවර 35.4දි සියලූ දෙනා දැවී ලකුණු 79 යි.
(මලිත් මදුෂාන්  29,සිතුම් කාවින්ද 23,සුධීර වීරරත්න 18/5 යි,නවීන් ලක්ෂාන් 04/3යි)

 


අදහස් (0)

දේවපතිරාජයට පළමු ඉනිමේ ජයක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.