අන්තර් පාසල් වයස 15 න් පහළ ක්‍රිකට් තරගාවලියේ දෙවැනි වටයට සුදුසුකම් ලබාගැනීමට කණ්ඩායම් 40 ක් සමත් වී තිබේ. දෙවැනි වටයේදී එම කණ්ඩායම් 40, එක් කාණ්ඩයකට කණ්ඩායම් 5 බැගින් වූ කාණ්ඩ 8 ක් යටතේ ලීග් ක්‍රමයට අනුව තරග වැදීමට නියමිතය.
තරගාවලියේ පළමු වටයේදී කණ්ඩායම් 81 ක් කාණ්ඩ 11 ක් යටතේ ලීග් ක්‍රමයට අනුව තරග වැදුණ අතර එහිදී දැක්වූ දක්ෂතා අනුව දෙවැනි වටය සඳහා කණ්ඩායම් 40 ක් තෝරා ගැනිණ.
එහිදී කොළඹ මහානාම විදුහල, කොළඹ රාජකීය විදුහල, කොළඹ වෙස්ලි විදුහල, මොරටුව වේල්ස් කුමර විදුහල, කෝට්ටේ ජනාධිපති විදුහල, මොරටුව ශාන්ත සෙබස්තියන් විදුහල, මරදාන ශාන්ත ජෝෂප් විදුහල, මහනුවර ත්‍රිත්ව විදුහල, මහනුවර ශාන්ත අන්තෝනි විදුහල, මාතර ශාන්ත තෝමස් විදුහල සහ ගාල්ල රිච්මන්ඞ් විදුහල පළමු වටයේ කාණ්ඩ ශූරයන් ලෙස දෙවැනි වටයට සුදුසුකම් ලබාගත්හ.
දෙවැනි වටයේදී කණ්ඩායම් තරග වදින කාණ්ඩ -
‘පී’ කාණ්ඩය -
වත්තල ශාන්ත ජෝෂප් විදුහල, අම්බලන්ගොඩ ධර්මාශෝක විදුහල, ගල්කිස්ස සාන්ත තෝමස් විදුහල, බම්බලපිටිය ශාන්ත පීතර විදුහල සහ මහනුවර ත්‍රිත්ව විදුහල
‘ක්‍යු’ කාණ්ඩය -
කොළඹ නාලන්දා විදුහල, වෙන්නප්පුව ජෝෂප් වාස් විදුහල, කොළඹ සී. ඩබ්. ඩබ්. කන්නංගර විදුහල, මහනුවර ශාන්ත සිල්වෙස්ටර් විදුහල සහ මරදාන ශාන්ත ජෝෂප් විදුහල
‘ආර්’ කාණ්ඩය -
පානදුර ශ්‍රී සුමංගල විදුහල, කඳාන ද මැසිනොද් විදුහල, කොළඹ තර්ස්ටන් විදුහල, කළුතර සිරි කුරුස විදුහල සහ මොරටුව ශාන්ත සෙබස්තියන් විදුහල
‘එස්’ කාණ්ඩය -
කොටහේන ශාන්ත බෙනඩික් විදුහල, ගාල්ල විද්‍යාලෝක විදුහල, කොට්ටාව ධර්මපාල විදුහල, මහනුවර ධර්මරාජ විදුහල සහ කෝට්ටේ ජනාධිපති විදුහල
‘ටී’ කාණ්ඩය -
කළුතර තිස්ස විදුහල, කෑගල්ල ශාන්ත මරියා විදුහල, කළුතර මහ විද්‍යාලය, ගාල්ල ශාන්ත ඇලවීෂියස් විදුහල සහ මොරටුව වේල්ස් කුමර විදුහල
‘යූ’ කාණ්ඩය -
ගාල්ල රිච්මන්ඞ් විදුහල, කෝට්ටේ ආනන්ද ශ්‍රාස්ත්‍රාලය, කුරුණෑගල මලියදේව විදුහල, ගාල්ල මහින්ද විදුහල සහ කොළඹ වෙස්ලි විදුහල
‘වී’ කාණ්ඩය -
මාතර ශාන්ත තෝමස් විදුහල, මහනුවර විද්‍යාර්ථ විදුහල, කුරුණෑගල ශාන්ත ආනා විදුහල, කොළඹ ආනන්ද විදුහල සහ කොළඹ රාජකීය විදුහල
‘ඩබ්ලිව්’ කාණ්ඩය -
කටුගස්තොට ශාන්ත අන්තෝනි විදුහල, කෝට්ටේ ශ්‍රී ජයවර්ධනපුර විදුහල, රත්ගම දේවපතිරාජ විදුහල, කොළඹ ඉසිපතන විදුහල සහ කොළඹ මහානාම විදුහල
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.