Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ශ‍්‍රී ලංකාවේ පැරණිතම වාර්ෂික රග්බි තරගය වන කොළඹ රාජකීය විදුහල සහ මහනුවර ත‍්‍රිත්ව විදුහල අතර 72 වැනි ‘බ‍්‍රැඞ්බි පළිහ’ වාර්ෂික රග්බි තරගයේ දෙවැනි අදියර තරගය මහනුවර පල්ලෙකැළේ ත‍්‍රිත්ව විදුහල් රග්බි පිටියේදී හෙට (14) පැවැත්වේ. තරගය පස්වරු 4.30 ට ආරම්භ වීමට නියමිතය.
ත‍්‍රිත්ව විදුහල් පිලේ නිත්‍ය නායක රාහුල් කරුණාතිලක තරගයක තහනමකට ලක්ව සිටීම නිසා පළමු අදියර තරගයට සහභාගි නොවූ අතර රාහුල් මෙම තරගයට සහභාගි වීමට සූදානමින් සිටියි.
රාජකීය විදුහල් පිල කොළඹදී පැවැති පළමු අදියර තරගය ලකුණු 22-17 කින් ජය ලබමින් ඉදිරියෙන් සිටියි. රාජකීය විදුහල මෙවර ජය ලැබුවහොත් පිට පිටම දෙවරක් ජය ලැබීමේ අවස්ථාව උදාවේ.
රාජකීය විදුහල පසුගිය වසරේ බ‍්‍රැඞ්බි තරගයද ලකුණු 72-22 ක් ලෙස ජය ලැබීය.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.