Last Update  :  2025-12-28 23:30:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news දුනිත් වෙනුවට සෙනාල්

දුනිත් වෙනුවට සෙනාල්

සංජය එරමුදුගොඩ - 2018 ජුලි මස 23 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ශ්‍රී ලංකා වයස 19 න් පහළ පිල සහ ඉන්දීය වයස 19 න් පහළ පිල අතර තරග දෙකකින් සමන්විත සිවුදින ක්‍රිකට් තරගාවලියේ දෙවැනි සහ අවසන් තරගය සූරියවැව ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී හෙට (24) ආරම්භ වේ.


කොළඹ පැවැති පළමු තරගයෙන් ඉන්දීය යොවුන් පිල ඉනිමකින් ජයක් ලබා 1-0 ක් ලෙස තරගාවලියේ පෙරමුණේ රැදී සිටියි.

පළමු තරගයේදී ආබාධයට ලක්වූ තුන් ඉරියව් ක්‍රීඩක දුනිත් වෙල්ලාලගේ වෙනුවට කොළඹ මහානාම විදුහලේ ක්‍රීඩකයකු වන සෙනාල් දිනුෂ්ක සංචිතයට කැඳවා තිබේ. මෙම තරගයේදී ශ්‍රී ලංකා පිලේ විශාල වෙනස්කම් කිරීමට බලාපොරොත්තු නොවන බව ශ්‍රී ලංකා පිලේ නිලධාරියකු ‘ලංකාදීප’යට පැවසීය.

ශ්‍රී ලංකා යොවුන් පිල අද (23) පෙරවරුවේ පුහුණු සැසියකට සහභාගි වූ අතර ඒ වන විට සංචිතයේ සෙසු සියලුම ක්‍රීඩකයෝ හොඳ ශාරීරික යෝග්‍යතාවයෙන් පසු වූහ.

 

 


අදහස් (0)

දුනිත් වෙනුවට සෙනාල්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.