Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ශ්‍රී ලංකා සැහැල්ලු පන්දු ක්‍රිකට් සම්මේලනයට අනුබද්ධිත සියලුම දිස්ත්‍රික් සංගම් විසුරුවා හැරීමට එම සම්මේලනය කටයුතු කර තිබේ. විධායක සභාව ගත් තීරණයන්ට අනුව දිවයිනේ දිස්ත්‍රික් හා කලාපීය සැහැල්ලු පන්දු ක්‍රිකට් සංගම් 25ක් සඳහා නව නිලධාරි මණ්ඩල පත්කිරීම ලබන මාර්තු 31 වැනිදාට පෙර කළ යුතුය.
සැහැල්ලු පන්දු ක්‍රිකට් සම්මේලනයේ ප්‍රධාන විධායක රණදේව කුමාරනායක මහතා පවසන්නේ වසර 2020 සිට ජාතික සැහැල්ලු පන්දු ක්‍රිකට් සම්මේලනයේ අනුමැතියකින් තොරව සැහැල්ලු පන්දු ක්‍රිකට් තරගාවලි සංවිධානය කිරීම තහනම් වන බවයි. සම්මේලනය විසින් මෙහෙයවනු ලබන ප්‍රධානතම සැහැල්ලු පන්දු ක්‍රිකට් තරගාවලි දෙකක් මේ වනවිට පැවැත්වීම ආරම්භ කර තිබේ.
සැහැල්ලු පන්දු ක්‍රිකට් විස්සයි-20 ජාතික ශුරතාවලියේ කලාපීය තරගාවලි රැසක් මේ වනවිට පවත්වා අවසන්කර තිබේ. සෙසු කොට්ඨාස තරග මාලා රැසක් ඉදිරියේදී පැවැත්වීමට සංවිධානය කර තිබේ. මෙහි අවසන් (දිස්ත්‍රික්) වටයේ තරගාවලිය හා අවසන් මහ තරගය ලබන අගෝස්තු මාසයේදී පැවැත්වීමට සැළසුම් කර ඇත.
සැහැල්ලු පන්දු ක්‍රිකට් විස්සයි-20 ජාතික ශුරතාවලිය සඳහා දිස්ත්‍රික් ශූරතාලාභී කණ්ඩයම් 25 ක් සහභාගි වේ.
සම්මේලනය විසින් සංවිධානය කරනු ලබන ජාතික ශූරතා (කාන්තා) සය සාමාජික තරගාවලිය හා ඉනිම දෙකේ තරගාවලිය මෙම වසරේ සැප්තැම්බර් මාසයේදී ආරම්භ කිරීමට කටයුතු යොදා තිබේ. අසල්වැසි රටවල් කීපයක්ද එක්කර ගනිමින් සැහැල්ලු පන්දු ක්‍රිකට් ජාත්‍යන්තර තරගාවලියක් පැවැත්වීමටද සැහැල්ලු පන්දු ක්‍රිකට් සම්මේලනය අවධානය යොමුකර තිබේ.
දුරකතන අංක 0713-200151 ඔස්සේ රණදේව කුමාරනායක මහතා ඇමතීමෙන් මෙම තරගමාලාව පිළිබඳව වැඩි තොරතුරු ලබාගත හැකිය.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.