Last Update  :  2024-05-06 19:12:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news දිනේෂ් ප්‍රියන්තගෙන් තවත් රන් පදක්කමක්

දිනේෂ් ප්‍රියන්තගෙන් තවත් රන් පදක්කමක්

editorial - 2023 මාර් මස 31 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ඕස්ට්‍රේලියාවේ බ්‍රිස්බේන් නුවරදී පැවැත්වෙන ඕස්ට්‍රේලියානු විවෘත පැරා මලල ක්‍රීඩා තරගාවලියේදී හෙල්ල විසිකිරීමේ ඉසව්වෙන් රන් පදක්කමක් සහ රිදී පදක්කමක් දිනාගැනීමට ශ්‍රී ලංකාවේ දිනේෂ් ප්‍රියන්ත සහ සමිත දුලාන් ඊයේ (31 වැනිදා) සමත් වූහ.

හෙල්ල විසිකිරීමේ ඉසව්වේදී එෆ්.46 කාණ්ඩය යටතේ තරග වැදුණ දිනේෂ්, මීටර් 63.18 දක්ෂතාවක් දක්වමින් එහි රන් පදක්කමට හිමිකම් කියද්දී, එෆ්.44 කාණ්ඩය යටතේ තරග වැදුණ සමිත එහි රිදී පදක්කමට හිමිකම් කීවේ මීටර් 64.22 ක දක්ෂතාවක් දක්වමිනි.

රටවල් 23 ක් නියෝජනය කරමින් පැරා ක්‍රීඩක ක්‍රීඩිකාවන් 1450 දෙනෙක් ඕස්ට්‍රේලියාවේදී පැවැත්වෙන මෙම තරගාවලියට සහභාගි වී සිටිති. තරගාවලියට සහභාගි වී සිටින ශ්‍රී ලංකා කණ්ඩායමේ නිල අනුග්‍රාහකයා ලෙස ඩයලොග් ආසිආටා සමාගම කටයුතු කරයි.

2020 වසරේ ටෝකියෝ නුවරදී පැවැති පැරලිම්පික් උළෙලේදී මීටර් 67.79 ක දක්ෂතාවක් දක්වමින් හෙල්ල විසිකිරීමේ ඉසව්වේ එෆ්.46 කාණ්ඩයේ රන් පදක්කම දිනාගනු ලැබුවේද දිනේෂ් විසිනි. එම තරගාවලියේ එෆ්.44 කාණ්ඩයේ ලෝකඩ පදක්කමට සමිත හිමිකම් කීවේය.

-036


අදහස් (0)

දිනේෂ් ප්‍රියන්තගෙන් තවත් රන් පදක්කමක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.