Last Update  :  2025-12-19 21:47:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news දැල්පන්දු ද්විත්ව ශූරතා දිනති

දැල්පන්දු ද්විත්ව ශූරතා දිනති

Nisanka Sandeepani - 2017 ඔක් මස 06 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ක්‍රීඩා අමාත්‍යංශ ක්‍රීඩා සංකීර්ණයේදී අවසන් වූ සමස්ත ලංකා පාසල් දැල්පන්දු තරගාවලියේ වයස් සීමා දෙකක ශූරතා දිනා ගැනීමට කුරුණෑගල ශුද්ධ වූ පවුලේ කන්‍යාරාමයේ ක්‍රීඩිකාවෝ සමත් වූහ.
 
වයස අවු 16 න් පහළ  සහ වයස අවු 18 පහළ ශූරතා දෙකම ශුද්ධ වූ පවුලේ කන්‍යාරාමයේ ක්‍රීඩිකාවන් දිනාගත් අතර එම වයස් සීමා දෙකේදීම කොළඹ විශාඛා විදුහලට අනු ශූරතාව හිමිවිය.
 
වයස අවු 20න් පහළ අවසන් තරගයේදී දෙහිවල ප්‍රෙස්බෙටේරියන් බාලිකා විදුහලට ශූරතාව හිමිවිය.
 
එම අවසන් තරගයද කුරුණෑගල ශුද්ධ වූ පවුලේ කන්‍යාරාමය සමඟ පැවති අතර (33-32) ප්‍රෙස්බෙටේරියන් ක්‍රීඩිකාවෝ එක් ලකුණකින් ජය ගත්හ. එම ජයග්‍රාහී කණ්ඩායමේ රශ්මි දිව්‍යාංජලී වයස අවු 20න් පහළ කණ්ඩායමේ දක්ෂතම ක්‍රීඩිකාව ලෙස සම්මාන ලැබුවාය.
 
තරග ප්‍රතිඵල 
 
වයස අවු 16න් පහළ 
ශූරතාව කුරුණෑගල ශුද්ධ වූ පවුලේ කන්‍යාරාමය
අනු ශූරතාව කොළඹ  විශාඛා විදුහල
තුන් වැනි ස්ථානය කුරුණෑගල මලියදේව බාලිකා විදුහල
අවසන් මහ තරගයේ ලකුණු තත්ත්වය 27-25 
 
වයස අවු 18 න් පහළ 
ශූරතාව කුරුණෑගල ශුද්ධ වූ පවුලේ කන්‍යාරාමය
අනු ශූරතාව කොළඹ  විශාඛා විදුහල
තුන් වැනි ස්ථානය කලුතර බාලිකා විදුහල
අවසන් තරගයේ ලකුණු තත්ත්වය 28-18 
 
වයස අවු 20 න් පහළ 
ශූරතාව දෙහිවල ප්‍රෙස්බෙටේරියන් බාලිකා විදුහල
අනු ශූරතාව කුරුණෑගල ශුද්ධ වූ පවුලේ කන්‍යාරාමය
තුන් වැනි ස්ථානය කොළඹ  විශාඛා විදුහල 
අවසන් තරගයේ ලකුණු තත්ත්වය 33-32
 
 
 

අදහස් (0)

දැල්පන්දු ද්විත්ව ශූරතා දිනති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.