අන්තර් සමාජ පළමු පෙළ ලීග් ක්‍රිකට් තරගාවලියේ ‘ඒ’ ශ්‍රේණියේ අද (7 වැනිදා) අවසන්වූ තරග තුනකදී පූර්ණ ජයග/හණ වාර්තා කිරීමට ද්‍රවිඩ සංගම් පිල සහ යුදහමුදා පිල සමත්වූ අතර රාගම පිලට පළමු ඉනිමේ ජයග්‍රහණයක් හිමිවිය.
බී.ආර්.සී. සහ බදුරලිය කණ්ඩායම් අතර තරගය බී.ආර්.සී. ක්‍රීඩාංගණයේදී බ්ලූම්ෆීල්ඞ් සහ සැරසන්ස් කණ්ඩායම් අතර තරගය බ්ලූම්ෆීල්ඞ් ක්‍රීඩාංගණයේදීත් දෙවැනි දිනයට පැවැති අතර මූවර්ස් සහ කෝල්ට්ස් කණ්ඩායම් අතර තරගය මූවර්ස් ක්‍රීඩාංගණයේදී අද ආරම්භවිය.
අද අවසන්වූ තරග වලදි ශතක වාර්තා කිරීමට රාගම පිලේ ළහිරු තිරිමාන්න (නොදැවී 166) සහ ද්‍රවිඩි සංගම් පිලේ මනෝජ් සරත්චන්ද්‍ර (නොදැවී 102) සමත්වූ අතර අද ආරම්භවූ මූවර්ස් සහ කෝල්ට්ස් කණ්ඩායම් අතර තරගයේදී කෝල්ට් පිලේ සංගීත් කුරේ නොදැවී 173 ක් රැස්කිරීමට සමත්විය.
යුදහමුදා පිලේ දුශාන් විමුක්ති සහ ද්‍රවිඩ සංගම් පිලේ දිනුක් වික්‍රමණායක කඩුලු 10 බැගින්ද, රාගම පිලේ සහන් නානායක්කාර කඩුලු 9 ක්ද බිඳ හෙළීමට සමත්වූ අතර අකලංක ගනේගම (වරාය අධිකාරිය), අලංකාර අසංක (බදුරලිය), චාමික එදිරිසිංහ (බී.ආර්.සී) කඩුලු 5 බැගින් බිඳ හෙළමින් පන්දුවෙන් දස්කම් දැක්වූහ.
ද්‍රවිඩ සංගමය සහ වරාය අධිකාරිය කණ්ඩායම් අතර පී.සරවණමුත්තු ක්‍රීඩාංගණයේදී
ද්‍රවිඩ සංගමයට ලකුණු 126 ක ජයක්
ද්‍රවිඩ සංගමය - පළමු ඉනිම - ඕවර 44.5 කදී සියලුදෙනා දැවී ලකුණු 120
(ජීවන් මෙන්ඩිස් 32, ශාලික කරුණානායක 25, අකලංක ගනේගම 35/5, චමින්ද බණ්ඩාර 34/2, චානක කොමසාරූ 37/2)
වරාය අධිකාරිය - පළමු ඉනිම - ඕවර 54.2 කදී සියලුදෙනා දැවී ලකුණු 233
(ඩි.කොම්ප්ටන් 56, ගයාන් මනීශාන් 43, ගිහාන් රූපසිංහ 89, දිනුක් වික්‍රමණායක 42/6)
ද්‍රවිඩ සංගමය - දෙවැනි ඉනිම - ඕවර 95 කදී කඩුලු 6 ක් දැවී ලකුණු 384
(සිතාර ගිම්හාන් 23, රමිත රඹුක්වැල්ල 41, තරංග පරණවිතාන 78, දිනුක් වික්‍රමණායක 30, ජීවන් මෙන්ඩිස් 72, මනෝජ් සරත්චන්ද්‍ර නොදැවී 102, මදුක ලියනපතිරණගේ 86/3, චානක කොමසාරූ 97/2)
වරාය අධිකාරිය - දෙවැනි ඉනිම - ඕවර 48 කදී සියලුදෙනා දැවී ලකුණු 145
(ගිහාන් රූපසිංහ 33, ප්‍රශාන් වික්‍රමසිංහ 53, දිනුක් වික්‍රමණායක 22/4, ජීවන් මෙන්ඩිස් 38/4
එන්.සී.සී. සහ යුදහමුදා කණ්ඩායම් අතර පනාගොඩ යුදහමුදා ක්‍රීඩාංගණයේදී
යුදහමුදාවට කඩුලු 6 ක ජයක්
එන්.සී.සී. - පළමු ඉනිම - ඕවර 59.2 කදී සියලුදෙනා දැවී ලකුණු 224
(භානුක රාජපක්ෂ 29, ඇන්ජලෝ පෙරේරා 80, තරිඳු කෞශාල් 30, චාමික කරුණාරත්න 39, නුවන් ලියනපතිරණ 40/3, ජනිත් සිල්වා 27/2)
යුදහමුදාව - පළමු ඉනිම - ඕවර 106.1 කදී සියලුදෙනා දැවී ලකුණු 369
(ලක්ෂිත මදුශාන් 71, නවෝද් ඉලුක්වත්ත 34, දුශාන් විමුක්ති 26, දිල්ශාන් ද සිල්වා නොදැවී 97, සම්පත් පෙරේරා 79, ලසිත් ඇඹුල්දෙණිය 105/3, නුවන් කරුණාරත්න 31/2)
එන්.සී.සී. - දෙවැනි ඉනිම - ඕවර 71 කදී සියලුදෙනා දැවී ලකුණු 235
(ළහිරු උදාර 40, මහේල උඩවත්ත 52, තරිඳු කෞශාල් 39, සචින් පිරීස් 33, දුශාන් විමුක්ති 108/9)
යුදහමුදාව - දෙවැනි ඉනිම - ඕවර 19.4 කදී කඩුලු 4 ක් දැවී ලකුණු 94
(සම්පත් පෙරේරා නොදැවී 50)
සී.සී.සී. සහ රාගම කණ්ඩායම් අතර සී.සී.සී. ක්‍රීඩාංගණයේදී
සී.සී.සී. - රාගම ජය පරාජයෙන් තොරව අවසන්වෙයි
සී.සී.සී. - පළමු ඉනිම - ඕවර 62.1 කදී සියලුදෙනා දැවී ලකුණු 273
(රොන් චන්ද්‍රගුප්ත 24, අශාන් ප්‍රියංජන් 70, ලසිත් අබේරත්න 96, ළහිරු මදුශංක 33, මනෙල්ක ද සිල්වා 26, නිශාන් පීරීස් 55/3, සහන් නානායක්කාර 78/3, ඉශාන් ජයරත්න 55/2)
රාගම - පළමු ඉනිම - ඕවර 101.2 කදී සියලුදෙනා දැවී ලකුණු 345
(ශෙහාන් ප්‍රනාන්දු 79, ළහිරු තිරිමාන්න නොදැවී 166, සමීර ද සොයිසා 38, ළහිරු මදුශංක 73/4, අශාන් ප්‍රියංජන් 49/3)
සී.සී.සී. - දෙවැනි ඉනිම - ඕවර 63 කදී සියලුදෙනා දැවී ලකුණු 237
(රොන් චන්ද්‍රගුප්ත 24, ඩිල්ශාන් මුණවීර 34, ළහිරු මදුශංක 57, මලිඳු මදුරංග 51, මනෙල්ක ද සිල්වා 37, සහන් නානායක්කාර 102/6, ඉශාන් ජයරත්න 51/2)
රාගම - දෙවැනි ඉනිම - ඕවර 23 කදී කඩුලු 3 ක් දැවී ලකුණු 76
(උදාර ජයසුන්දර 38, සචිත් පතිරණ 27/2)
බී.ආර්.සී. සහ බදුරලිය කණ්ඩායම් අතර බී.ආර්.සී. ක්‍රීඩාංගණයේදී
බී.ආර්.සී. 134 සහ 312/7, බදුරලිය 133
බී.ආර්.සී. - පළමු ඉනිම - ඕවර 34.4 කදී සියලුදෙනා දැවී ලකුණු 134
(තිලකරත්න සම්පත් 30, රුමේෂ් බුද්ධික 23, හර්ෂ විතාන 23, චාමික එදිරිසිංහ 26, අලංකාර අසංක 45/5, දිලේශ් ගුණරත්න 42/4)
බදුරලිය - පළමු ඉනිම - ඕවර 57.2 කදී සියලුදෙනා දැවී ලකුණු 133
(පැතුම් නිශ්ශංක 41, දිල්හාන් කුරේ 26, චාමික එදිරිසිංහ 20/5, සුරාජ් රංදීව් 39/3)
බී.ආර්.සී. - දෙවැනි ඉනිම - ඕවර 83 කදී කඩුලු 7 ක් දැවී ලකුණු 312
(ප්‍රවිනාත් විජේසූරිය 23, රුමේෂ් බුද්ධික 51, හර්ෂ විතාන 40, ශශින් දිල්රංග නොදැවී 79, සුරාජ් රංදීව් 60, අලංකාර අසංක 120/3, දුවිඳු තිලකරත්න 70/2)
බ්ලූම්ෆීල්ඞ් සහ සැරසන්ස් කණ්ඩායම් අතර බ්ලූම්ෆීල්ඞ් ක්‍රීඩාංගණයේදී
සැරසන්ස් 320, බ්ලූම්ෆීල්ඞ් 293/9
සැරසන්ස් - පළමු ඉනිම - ඕවර 92.4 කදී සියලුදෙනා දැවී ලකුණු 320
(රුවිඳු ගුණසේකර 24, ඇන්ඩි සොලමන්ස් 33, මොහොමඞ් ජලීල් 43, ගවිඳු අමරසිංහ 62, ප්‍රමෝද් මදුවන්ත 86, මිශෙන් සිල්වා 29, ළහිරු සමරකෝන් 59/4, මලිත් ද සිල්වා 75/3, කොශාන් ධණුෂ්ක 52/2)
බ්ලූම්ෆීල්ඞ් - පළමු ඉනිම - ඕවර 85 කදී කඩුලු 9 ක් දැවී ලකුණු 293
(නිපුන් කරුණානායක 69, සචින් ජයවර්ධන 63, අදීශ නානායක්කාර 40, රමේෂ් මෙන්ඩිස් 22, ප්‍රමෝද් හෙට්ටිවත්ත 42, රොෂාන් ජයතිස්ස 92/4, චතුර රංදුණු 78/2)
මූවර්ස් සහ කෝල්ට්ස් කණ්ඩායම් අතර මූවර්ස් ක්‍රීඩාංගණයේදී
කෝල්ට්ස් 353/4
කෝල්ට්ස් - පළමු ඉනිම - ඕවර 91 කදී කඩුලු 4 ක් දැවී ලකුණු 353
(පසිඳු ලක්ශංක 46, සංගීත් කුරේ නොදැවී 173, ඩිල්රුවන් පෙරේරා 83, ප්‍රියමාල් පෙරේරා නොදැවී 42, සඳකැන් පතිරණ 150/4)
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.