Last Update  :  2025-12-23 21:19:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news ද්‍රවිඩ සංගම් පිල ලකුණු 120 කට සීමාවෙයි

ද්‍රවිඩ සංගම් පිල ලකුණු 120 කට සීමාවෙයි

සංජය එරමුදුගොඩ - 2018 ජන මස 05 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

අන්තර් සමාජ පළමු පෙළ ලීග් ක්‍රිකට් තරගාවලියේ ‘ඒ’ ශ්‍රේණියේ ද්‍රවිඩ සංගම් පිල සහ වරාය අධිකාරි ක්‍රීඩා සමාජය අතර පී.සරවණමුත්තු ක්‍රීඩාංගණයේදී අද (5 වැනිදා) ආරම්භවූ තරගයේ පළමු දිනය නිමාවන විටදී කඩුලු 6 ක් දැවී ලකුණු 169 ක් රැස්කිරීමට වරාය අධිකාරි කණ්ඩායම සමත්විය.

පළමුව පන්දුවට පහරදුන් ද්‍රවිඩ සංගමය ලකුණු 120 කට සීමාකිරීමට වරාය අධිකාරි පන්දු යවන්නෝ සමත්වූහ. කලකට පසුව දක්ෂ පන්දු යැවීමක නිරතවූ අකලංක ගනේගම ලකුණු 35 කට කඩුලු 5 ක් දවාගැනීමට සමත්විය.
එන්.සී.සී. සහ යුදහමුදා කණ්ඩායම් අතර තරගය පනාගොඩ යුදහමුදා ක්‍රීඩාංගණයේදීත් සී.සී.සී. සහ රාගම කණ්ඩායම් අතර තරගය සී.සී.සී. ක්‍රීඩාංගණයේදීත් අද ආරම්භ විය.


ද්‍රවිඩ සංගමය - පළමු ඉනිම - ඕවර 44.5 කදී සියලුදෙනා දැවී ලකුණු 120
(ජීවන් මෙන්ඩිස් 32, ශාලික කරුණානායක 25, අකලංක ගනේගම 35/5, චමින්ද බණ්ඩාර 34/2, චානක කොමසාරූ 37/2)

වරාය අධිකාරිය - පළමු ඉනිම - ඕවර 41 කදී කඩුලු 6 ක් දැවී ලකුණු 169
(ඩි.කොම්ප්ටන් 56, ගයාන් මනීශාන් 43, ගිහාන් රූපසිංහ නොදැවී 38, දිනුක් වික්‍රමණායක 16/4)

 

එන්.සී.සී. සහ යුදහමුදා කණ්ඩායම් අතර පනාගොඩ යුදහමුදා ක්‍රීඩාංගණයේදී

එන්.සී.සී. 224, යුදහමුදා 92/0

එන්.සී.සී. - පළමු ඉනිම - ඕවර 59.2 කදී සියලුදෙනා දැවී ලකුණු 224
(භානුක රාජපක්ෂ 29, ඇන්ජලෝ පෙරේරා 80, තරිඳු කෞශාල් 30, චාමික කරුණාරත්න 39, නුවන් ලියනපතිරණ 40/3, ජනිත් සිල්වා 27/2)
යුදහමුදාව - පළමු ඉනිම - ඕවර 28 කදී කිසිවකු නොදැවී ලකුණු 92
(ලක්ෂිත මදුශාන් නොදැවී 52, නවෝද් ඉලුක්වත්ත නොදැවී 29)

 

සී.සී.සී. සහ රාගම කණ්ඩායම් අතර සී.සී.සී. ක්‍රීඩාංගණයේදී

සී.සී.සී. 273, රාගම 63/3

සී.සී.සී. - පළමු ඉනිම - ඕවර 62.1 කදී සියලුදෙනා දැවී ලකුණු 273
(රොන් චන්ද්‍රගුප්ත 24, අශාන් ප්‍රියංජන් 70, ලසිත් අබේරත්න 96, ළහිරු මදුශංක 33, මනෙල්ක ද සිල්වා 26, නිශාන් පීරීස් 55/3, සහන් නානායක්කාර 78/3, ඉශාන් ජයරත්න 55/2)
රාගම - පළමු ඉනිම - ඕවර 24.3 කදී කඩුලු 3 ක් දැවී ලකුණු 63
(ශෙහාන් ප්‍රනාන්දු නොදැවී 30, ළහිරු මදුශංක 13/2)

 


අදහස් (0)

ද්‍රවිඩ සංගම් පිල ලකුණු 120 කට සීමාවෙයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.