Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
‘සිංගර් කුසලාන’ වයස 19 න් පහළ ක්‍රිකට් තරගාවලියේ III වැනි කොටසේ තරගයකදී අකුරණ අසාර් විද්‍යාලයට එරෙහිව ඉනිමක සහ ලකුණු 172 ක ජයක් හිමිකර ගැනීමට යාපනය මධ්‍ය මහා විද්‍යාලය ඊයේ (28 වැනිදා) සමත්විය. මෙම තරගය යාපනය මධ්‍ය මහා විද්‍යාලීය ක්‍රීඩාංගණයේදී පැවැත්විණි.
තුන් ඉරියව් දස්කම් දැක්වූ එස්. දසෝබන් ශතකයක් (නොදැවී 114) සහ ලකුණු 24 කට කඩුලු 8 ක් දවාගනිමින් යාපනය මධ්‍ය මහා විද්‍යාලය ජයග්‍රහණය කරා රැගෙන යාමට සමත්වූහ. දසෝබන් අනගි සහයක් ලබාදුන් ඒ. ජයදර්ශන් ශතකයක් (112) ලබාගත් අතර එස්. තුෂාන්දන් ලකුණු 22 කට කඩුලු 7 ක් දවාගනිමින් පන්දුවෙන් දස්කම් දැක්වීය.
අසාර් විද්‍යාලය - පළමු ඉනිම - ඕවර 33.1 කදී සියලුදෙනා දැවී ලකුණු 69
(එස්. තුෂාන්දන් 22/7)
යාපනය ම.ම. විද්‍යාලය - පළමු ඉනිම - ඕවර 103 කදී කඩුලු 5 ක් දැවී ලකුණු 314
(එස්. දසෝබන් නොදැවී 114, ඒ. ජයදර්ශන් 112, එස්.කොව්දාමන් 22, එම්. ජසිල් 66/3)
අසාර් විද්‍යාලය - දෙවැනි ඉනිම - ඕවර 37 කදී සියලුදෙනා දැවී ලකුණු 73
(එස්. දසෝබන් 24/8, එස්. තුෂාන්දන් 17/2)
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.