Last Update  :  2025-12-23 15:47:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news දඹුල්ල කණ්ඩායම ජයග්‍රහණය සොයා යයි

දඹුල්ල කණ්ඩායම ජයග්‍රහණය සොයා යයි

සංජය එරමුදුගොඩ - 2018 අප්‍රේ මස 23 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

අන්තර් පළාත් සිවුදින ක්‍රිකට් තරගාවලියේ කොළඹ කණ්ඩායම සහ දඹුල්ල කණ්ඩායම අතර රංගිරි දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන තරගය තෙවැනි දිනට අද (23 වැනිදා) අවසන් කරන විට ජයග්‍රහණය සදහා ලකුණු 203 ක ඉලක්කයක් හඹායන දඹුල්ල කණ්ඩායම දෙවැනි ඉනිම සදහා කිසිවකු නොදැවී ලකුණු 43 ක් රැස්කර සිටියේය.

ජයග්‍රහණයට තවත් ලකුණු 160 ක් පසුපසින් දඹුල්ල කණ්ඩායම සිටින අතර දිමුත් කරුණාරත්න ලකුණු 19 ක් සහ කුසල් මෙන්ඩිස් ලකුණු 13 ක් රැස්කරමින් නොදැවී කඩුල්ලේ රැඳී සිටිති.

ඊයේ තරගය නතර කරනවිට කිසිවකු නොදැවී ලකුණු 37 ක් රැස්කර සිටි කොළඹ කණ්ඩායම අද දිනයේදී සිය දෙවැනි ඉනිම සදහා සියලුදෙනා දැවී ලකුණු 351 ක් රැස්කිරීමට සමත්විය.

කොළඹ කණ්ඩායම වෙනුවෙන් අර්ධ ශතක 3 ක් වාර්තාවූ අතර ශෙහාන් ජයසූරිය (77), ළහිරු තිරිමාන්න (52) සහ වනිඳු හසරංග (52) එම අර්ධ ශතක වලට හිමිකාරීත්වය දැරූහ.

වේගයෙන් ලකුණු රැස්කිරීමක නිරතවූ ශෙහාන් ජයසූරිය පන්දු 76 කදී හයේ පහරක් සහ හතරේ පහර 11 ක් සමගින් ලකුණු 77 ක් රැස්කිරීමට සමත්විය.

පළමු කඩුල්ල සදහා ලකුණු 113 ක සම්බන්ධතාවයක් ගොඩනැගීමට කෞශාල් සිල්වා සහ ශෙහාන් ජයසූරිය සමත්වූ අතර සිවුවැනි කඩුල්ල සදහා ලකුණු 80 සම්බන්ධතාවයක් ගොඩනගමින් කොළඹ කණ්ඩායම ඉහළ ලකුණු සංඛ්‍යාවක් කරා රැගෙන යාමට දිනේෂ් චන්දිමාල් සහ ළහිරු තිරිමාන්න සමත්වූහ.

ජෙෆ්රි වැන්ඩසේ කඩුලු 4 ක් සහ සචිත්‍ර සේනානායක කඩුලු 2 ක් දවාගනිමින් පන්දුවෙන් දස්කම් දැක්වූහ.


කොළඹ කණ්ඩායම - පළමු ඉනිම - ඕවර 64.2 කදී සියලුදෙනා දැවී ලකුණු 210
(ශෙහාන් ජයසූරිය 23, වනිඳු හසරංග 52, ලසිත් අබේරත්න 85, ළහිරු මදුශංක 43/5, අසිත ප්‍රනාන්දු 46/2)

දඔුල්ල කණ්ඩායම - පළමු ඉනිම - ඕවර 84.2 කදී සියලුදෙනා දැවී ලකුණු 359
(කුසල් මෙන්ඩිස් 24, කුසල් ජනිත් 85, මනෝජ් සරත්චන්ද්‍ර 103, සචිත්‍ර සේනානායක 31, ජෙෆ්රි වැන්ඩසේ 40, දිලේෂ් ගුණරත්න 68/4, ශෙහාන් ජයසූරිය 30/2, තීක්ෂිල ද සිල්වා 57/2, ලක්ෂාන් සඳකැන් 77/2)

කොළඹ කණ්ඩායම - දෙවැනි ඉනිම - ඕවර 80.1 කදී සියලුදෙනා දැවී ලකුණු 351
(කෞශාල් සිල්වා 38, ශෙහාන් ජයසූරිය 77, ළහිරු තිරිමාන්න 52, දිනේෂ් චන්දිමාල් 44, වනිඳු හසරංග 52, ජෙෆ්රි වැන්ඩසේ 101/4, සචිත්‍ර සේනානායක 78/2)

දඔුල්ල කණ්ඩායම - දෙවැනි ඉනිම - ඕවර 10 කදී කිසිවකු නොදැවී ලකුණු 43

 


අදහස් (0)

දඹුල්ල කණ්ඩායම ජයග්‍රහණය සොයා යයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.