Last Update  :  2024-05-08 21:45:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news දකුණු පළාත් බැඩ්මින්ටන් තරගාවලියට අයැදුම්පත් කැඳවයි

දකුණු පළාත් බැඩ්මින්ටන් තරගාවලියට අයැදුම්පත් කැඳවයි

editorial - 2024 ජන මස 05 {{hitsCtrl.values.hits}} Views 2 Comment
A A A

ශ්‍රී ලංකා බැඞ්මින්ටන් සංගමයේ අධීක්ෂණය යටතේ දකුණු පළාත් බැඞ්මින්ටන් සංගමය සංවිධාන කරන දකුණු පළාත් විවෘත බැඞ්මින්ටන් ශූරතාවලිය මෙම මස 28 වැනිදා සිට පෙබරවාරි මස 3 වැනිදා දක්වා ගාල්ල දඩැල්ලේ බැඞ්මින්ටන් ක්‍රීඩා සංකීර්ණයේදී සහ අම්බලන්ගොඩ ගෘහස්ත බැඞ්මින්ටන් ක්‍රීඩාංගණයේදී පැවැත්වේ. 

ශ්‍රී ලංකා බැඞ්මින්ටන් සංගමයේ ශ්‍රේණිගත කිරිම්වලට ඇතුළත් මෙම තරගාවලිය සඳහා අයැදුම්පත් භාරගැනීම මේ වන විට ආරම්භ කර ඇති අතර තරගාවලියට සහභාගි වීමට අවශ්‍ය තරගකරුවන්ට ශ්‍රී ලංකා බැඞ්මින්ටන් සංගමයේ නිල වෙබ් අඩවියට පිවිසීමෙන් ඒ සඳහා ලියාපදිංචි විය හැකිය. අයැදුම්පත් භාරගැනීම ජනවාරි මස 15 වැනිදායින් අවසන් වේ. 

මෙම තරගාවලියේදී විවෘත, ජ්‍යෙෂ්ඨ සහ කනිෂ්ඨ යන කාණ්ඩ යටතේ තරග පැවැත්වෙන අතර කනිෂ්ඨ තරග කාණ්ඩයට අවුරුදු 11 න් පහළ, 13 න් පහළ, 15 න් පහළ, 17 න් පහළ සහ අවුරුදු 19 න් පහළ බාලක සහ බාලිකා කේවල සහ යුගල ඉසව් ඇතුළත්වේ. 

ජ්‍යෙෂ්ඨ කාණ්ඩයට අවුරුදු 30 න් ඉහළ, 35 න් ඉහළ, 40 න් ඉහළ, 45 න් ඉහළ, 50 න් ඉහළ, 55 න් ඉහළ, 60 න් ඉහළ, 65 න් ඉහළ සහ 70 න් ඉහළ පිරිමි සහ කාන්තා කේවල සහ යුගල ඉසව් ඇතුළත් වේ. පිරිමි කේවල, කාන්තා කේවල, පිරිමි යුගල, කාන්තා යුගල සහ මිශ්‍ර යුගල යන ඉසව්වලින් විවෘත කාණ්ඩය සමන්විත වේ. 

ජයග්‍රාහක ජයග්‍රාහිකාවන්ට මුදල් ත්‍යාග, කුසලාන සහ සහතිකපත් පිරිනැමීමට නියමිත අතර මැක්ෆොයිල්, මොබිල්, ජී.ඒ.සී., ලී නිං සහ 3එම් යන සමාගම් සහ ආයතන තරගාවලියේ අනුග්‍රාහයන් ලෙස කටයුතු කරයි. 

-036 


අදහස් (2)

දකුණු පළාත් බැඩ්මින්ටන් තරගාවලියට අයැදුම්පත් කැඳවයි
  • Lalani dammika hemantha Tuesday, 09 January 2024 10:09 PM

    ගොඩක් හොඳයි...

    Reply 0       0

    Enoka Jayalath Friday, 12 January 2024 09:25 AM

    ගොඩක් හොඳයි...!

    Reply 0       0


ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.