Last Update  :  2024-03-29 20:58:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news දකුණු පළාත් චෙස් තරග 12 දා සිට

දකුණු පළාත් චෙස් තරග 12 දා සිට

editorial - 2022 අගෝ මස 10 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(කරන්දෙණිය එම්.සුසිල් ප්‍රියන්ත)

අධ්‍යාපන අමාත්‍යාංශය සංවිධානය කරනු ලබන දකුණු පළාත් අන්තර් පාසල් (කණ්ඩායම්) චෙස් තරගාවලිය අගෝස්තු මස 12,13,14 තෙදින අම්බලන්ගොඩ ධර්මාශෝක විද්‍යාලයේදී පැවැත්වේ .

දකුණු පළාතේ පාසල් චෙස් කණ්ඩායම්වලට පමණක් සහභාගිවිය හැකි මේ තරගාවලිය වයස 17න් පහළ හා 20න් පහළ බාලක ,බාලිකා වශයෙන් පැවැත්වේ. තරගවලිය තරග වට පහකින් සමන්විතය .

12 වැනිදා පස්වරුවේ එක තරගවටයකින් තරගාවලිය ආරම්භ කෙරෙන අතර 13 වැනිදා සහ 14 වැනිදා දිනකට තරග වට දෙක බැගින් තරග වට පහ නිමාවට පත් කෙරේ .

මේ තරගාවලියේ ප්‍රථම ,දෙවන හා තෙවැනි  ස්ථාන දිනා ගන්නා පාසල් කණ්ඩායම් සමස්ත ලංකා පාසල් චෙස් චෙස් තරගාවලිය සදහා සුදුසුකම් ලබාගන්නා බව අධ්‍යාපන අමාත්‍යාංශය කියයි .


අදහස් (0)

දකුණු පළාත් චෙස් තරග 12 දා සිට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.