Last Update  :  2025-09-08 19:43:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news දකුණු පළාත් කි‍්‍රකට් ශූරතාව රිච්මන්ඞ් විදුහලට

දකුණු පළාත් කි‍්‍රකට් ශූරතාව රිච්මන්ඞ් විදුහලට

රොෂාන් ගුණරත්න - 2015 දෙසැ මස 01 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

අම්බලන්ගොඩ ශ‍්‍රී දේවානන්ද විද්‍යාලයීය ක‍්‍රිකට් පදනම සංවිධානය කළ දකුණු පළාත් අන්තර් පාසල් වයස 19 න් පහළ ක‍්‍රිකට් තරගාවලියේ ශූරතාව ගාල්ල රිච්මන්ඞ් විදුහල විසින් දිනා ගන්නා ලදී. අම්බලන්ගොඩ මහජන ක‍්‍රීඩාංගණයේදී පැවැති මෙම තරගාවලියේ අවසන් මහා තරගයේදී අම්බලන්ගොඩ පී. ද. එස්. කුලරත්න විද්‍යාලය පරදවා ලකුණු 24 ක ජයක් ලබා ගැනීමට රිච්මන්ඞ් විදුහල් ක‍්‍රීඩකයෝ සමත්වුහ.


මෙම තරගාවලියේ ඉනිමක්  ඕවර පහකට සීමාවිය.


තරගාවලියේ අවසන් පුර්ව තරගවලදී අම්බලන්ගොඩ ධර්මාශෝක විද්‍යාලය පරදවා පී. ද. එස්. කුලරත්න විද්‍යාලය ලකුණු 3 ක ජයක් ලබා ගත් අතර අම්බලන්ගොඩ ශ‍්‍රී දේවානන්ද විද්‍යාලය පරදවා රිච්මන්ඞ් විදුහල ලකුණු 21 ක ජයක් ද ලැබීය.


පී.ද.එස් කුලරත්න විද්‍යාලයේ චලිත ප‍්‍රමෝද්, තරගාවලියේ වීරයා ලෙසද, රිච්මන්ඞ් විද්‍යාලයේ වනි`දු හසරංග අවසන් තරගයේ දක්‍ෂතම පිතිකරුවා ලෙසද සම්මාන ලැබුහ. කුලරත්න විද්‍යාලයේ සචිත් හිරාන් දක්‍ෂතම පන්දු යවන්නා ලෙස සම්මාන දිනාගත් අතර කමි`දු මෙන්ඩිස් අවසන් තරගයේ වීරයා ලෙස තේරීපත් විය.


ශ‍්‍රී දේවානන්ද විද්‍යාලයේ 1980 ක‍්‍රිකට් කණ්ඩායමේ නායකයා ලෙස කටයුතු කළ පී. එච්. පත්මසිරි මහතාගේ ප‍්‍රධානත්වයෙන් ත්‍යාග ප‍්‍රදානෝත්සවය පැවැත්විණ.


එම විද්‍යාලයීය 1971 වසරේ ක‍්‍රිකට් නායක ජේ. ඩබ්ලිව්. අනාන්ද, 1963 වසරේදී විද්‍යාලයීය පළමු ක‍්‍රිකට් පිලේ සිටි එම්.ඒ.දයාසිරි, විද්‍යාලයීය ආදී ක‍්‍රිකට් ක‍්‍රීඩක නීතිඥ කාල්ටන් ද සිල්වා මහතා, ධර්මාශෝක ආදී ක‍්‍රිකට් ක‍්‍රීඩක නීතිඥ කාල්ටන් ද සිල්වා, ධර්මාශෝක ආදී ක‍්‍රිකට් ක‍්‍රීඩක සහ ගාල්ල දිස්ත‍්‍රික් ක‍්‍රිකට් සංගමයේ සභාපති එච්.පේ‍්‍රමසිරි සහ විද්‍යාලයීය විදුහල්පති ඉන්ද්‍රරත්න කළුආරච්චි යන මහත්වරු මෙම අවස්ථාවට සහභාගිවුහ.


ගාල්ල රිච්මන්ඞ් විද්‍යාලය  ඕවර 5 කදී කඩුලූ 4 ක් දැවී 91
(වනිදු හසරංග 32, කමි`දු මෙන්ඩිස් 33, සචිත් හිරාන් 9/3)


අම්බලන්ගොඩ පී. ද. එස් කුලරත්න විද්‍යාලය  ඕවර 5 කදී කඩුලූ 3 ක් දැවී 67
(චලිත චමෝද් 23, ප‍්‍රභාත් සමීර 21, අමන්ත මධුෂංක නොදැවී 15, කමි`දු මෙන්ඩිස් 15/2)

 

 


- 090

 


අදහස් (0)

දකුණු පළාත් කි‍්‍රකට් ශූරතාව රිච්මන්ඞ් විදුහලට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.