Last Update  :  2025-12-22 21:13:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news දකුණු පළාතට කඩුලු 2 ක ජයක්

දකුණු පළාතට කඩුලු 2 ක ජයක්

සංජය එරමුදුගොඩ - 2018 ජුනි මස 17 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන වයස 19 න් පහළ අන්තර් පළාත් සීමිත ඕවර ක්‍රිකට් තරගාවලියේ අද (17 වැනිදා) පැවැති තරගයකදී බස්නාහිර පළාත් (දකුණ) කණ්ඩායමට එරෙහිව කඩුලු 2 ක ජයක් හිමිකර ගැනීමට දකුණු පළාත් කණ්ඩායම සමත්විය. මෙම තරගය කටුනායක මේරියන්ස් ක්‍රීඩාංගණයේදී පැවැත්විණි.

බස්නාහිර පළාත් (දකුණ) කණ්ඩායමේ අවිශ්ක ලක්ෂාන් ලකුණු 19 කට කඩුලු 6 ක් දවාගනිමින් පන්දුවෙන් දස්කම් දැක්වුවද දකුණු පළාත් කණ්ඩායමේ ජයග්‍රහණය වැලැක්වීමට ඔහුට නොහැකිවිය.


බස්නාහිර (දකුණ) - ඕවර 34.4 කදී සියලුදෙනා දැවී ලකුණු 151
(ජනිෂ්ක පෙරේරා 57, රොහාන් සංජය 25, රවීෂ විජේසිරි 31/3, නිපුන් මාලිංග 25/2, සුදින් ඩයස් 29/2)

දකුණු පළාත - ඕවර 36.1 කදී කඩුලු 8 ක් දැවී ලකුණු 154
නවෝද් පරණවිතාන 42, සුදින් ඩයස් 41, ආදිත්‍ය සිරිවර්ධන 22, අවිශ්ක ලක්ෂාන් 19/6)

 


අදහස් (0)

දකුණු පළාතට කඩුලු 2 ක ජයක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.