Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
(වත්තල - ස්ටැනිස්ලස් පයස් )
දකුණු ආසියානු පාපන්දු සම්මේලනයේ මෙහෙයවීමෙන් වයස අවුරුදු 19න් පහළ දකුණු ආසියානු පාපන්දු තරගාවලිය මේ මස 9 වෙනිදා සිට 18 වෙනිදා දක්වා ඉන්දියාවේ යුපියා ගෝල්ඩන් ජුබිලි ක්‍රීඩා පිටියේදී පැවැත්වීමට කටයුතු යොදා ඇත.
එහිදී ඉන්දියාව , ශ්‍රී ලංකාව, නේපාලය යන කණ්ඩායම් එක කාණ්ඩයකින් ද, භූතානය, බංග්ලාදේශය , මාලදිවයින යන කණ්ඩායම් තවත් කාණ්ඩයකින් ද තරඟ වැදීමට නියමිතය.
එම තරගාවලිය සඳහා නම් කර ඇති ශ්‍රී ලංකා වයස අවුරුදු 19න් පහල කණ්ඩායම
විජයරත්නම් හාරිස් ( ශාන්ත ජෝශප් ), නඩාල් ඒරන් ( ගේට්වේ ), මොහොමඩ් අක්‍රම් ( ජාවාලේන් ) , රොයිසන් බ්‍රයිට් (ශාන්ත ජෝශප් ) අයිඩන් ෆ්‍රැන්සිස් ( ගේට්වේ ) , මොහොමඩ් රිෂ්වාන් ( සහිරා ), මොහොමඩ් ෂිරාෂ් ( සහිරා ), හිරුන් මිරාශ ( මහින්ද - ගාල්ල), අනූජ පබසර ( මහින්ද - ගාල්ල ), මොහොමඩ් රිකාෂ් (සහිරා ) මොහොමඩ් සිද්ධික් ( හමීඩ් අල්හුසෙයිනී ), මොහොමඩ් ඉර්ෆාන් ( අල් අමීන් - කින්නියා ), හුසේන් අබ්දුල්ලා ( අල් ෆරාත් - මීගමුව ), මොහොමඩ් හුසේන් ( හමීඩ් අල්හුසෙයිනි ), ෆාරිස් උමාර් ( දරුසලම් - මඩකලපුව), මොහොමඩ් කතීන් ( සහිරා), ඔනිත් එදිරිසිංහ ( ඕස්ට්‍රේලියාව ) , අබ්දුල්ලා ෆායිස් ( එක්සත් අරාබි එමිර් ) , රෂාඩ් ෂිහාබ් ( රාජකීය ), සකාරියා සුභාරුල්ලා ( එක්සත් අරාබි එමීර් ), අනුක් ශනිල් දසනායක (ගේට්වේ ), අයිමන් ෂවාහීර් ( ඕස්ට්‍රේලියාව )
ප්‍රධාන කළමනාකරු - රවීන් චතුරංග, ප්‍රධාන පුහුණුකරු - ඉම්රාන් මොහොමඩ්, සහය පුහුණුකරු - මොහොමඩ් ෆවුමි, දැල් රැකීමේ පුහුණුකරු - ප්‍රියනාත් එදිරිසිංහ, කණ්ඩා යම් වෛද්‍ය - චතුර අකලංක එදිරිසිංහ, භෞතික චිකිත්සක - මනෝජ් දර්ශන , පාසල් පාපන්දු සංගමයේ නියෝජිත - ඉස්මයිල් අබ්දුල්, උපකරණ භාර නිලධාරී - ඇන්තනිගේ රොෂාන්, ලීග් නියෝජිත - මොහොමඩ් නසාර්
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.