දකුණු අප‍්‍රිකාව සහ ශ්‍රී ලංකාව අතර කොළඹ එස්. එස්. සී. කී‍්‍රඩාංගණයේදී අද (15) පැවැති පළමු කාන්තා එක්දින තරගයෙන් දකුණු අප‍්‍රිකානු ක‍්‍රීඩිකාවෝ ලකුණු 53 ක පහසු ජයක් ලැබීමට සමත් වූහ. තරග තුනකින් සමන්විත මෙම තරගාවලිය අන්තර්ජාතික කාන්තා කි‍්‍රකට් ශූරතාවලියට ඇතුළත් වන අතර වසර 2017 දී එංගලන්තයේදී පැවැත්වීමට නියමිත ලෝක කුසලාන තරගාවලියට සුදුසුකම් ලබාගැනීමේ තරගාවලියක් ලෙසින්ද සැලකේ.
ලකුණු 226 ක ජයග‍්‍රාහි ඉලක්කය හඹාගිය ශ්‍රී ලංකා කාන්තා පිලට ඕවර 50 අවසානයේ කඩුලූ 9 ක් දැවී ලබාගත හැකි වූයේ ලකුණු 172 ක් පමණි. ඒෂානි ලොකුසූරිය පන්දු 55 කදී හතරේ පහර 8 ක් සහ හයේ පහරක් සමගින් ලකුණු 59 ක් රැස්කරමින් ශ්‍රී ලංකා පිලේ වැඩිම ලකුණු ලාභිනිය බවට පත්වූවාය.
තරගාවලියේ දෙවැනි තරගය අනිද්දා (17) එස්.එස්.සී. ක‍්‍රීඩාගංණයේදීම පැවැත්වේ.
දකුණු අප‍්‍රිකාව ඕවර 50 යේදී කඩුලූ 8 ට 225
(ලිසේලී ලී 72, මරිසානී කේප් නොදැවී 89, ඬේන් වැන් නීකර්ක් 29, ඒෂානි ලොකුසූරිය 24/2, අමා කාංචනා 30/2)
ශ්‍රී ලංකාව ඕවර 50 යේදී කඩුලූ 9 ට 172
(ප‍්‍රසාදිනී වීරක්කොඩි 17, චමරි අතපත්තු 34, ඒෂානි ලොකුසූරිය 59, අමා කාංචනා 18, මධුරි සමුදිකා 18, ශබ්නිම් ඉස්මයිල් 19/2, මරිසානී කේප් 36/2, ඬේන් වැන් නීකර්ක් 31/2, යොලනී ෆොවුරි 18/2)
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.