Last Update  :  2025-12-21 21:00:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news දක්ෂතම කී‍්‍රඩකයා : උදය - කී‍්‍රඩිකාව : හංසනී

දක්ෂතම කී‍්‍රඩකයා : උදය - කී‍්‍රඩිකාව : හංසනී

සංජය එරමුදුගොඩ - 2014 නොවැ මස 03 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ශී‍්‍ර ලංකා මේසපන්දු සංගමය සංවිධානය කළ 68 වැනි ජාතික කනිෂ්ඨ මේසපන්දු තරගාවලියේ දක්ෂතම කී‍්‍රඩකයා ලෙස සම්මාන ලබාගැනීමට ශූරතා ද්විත්වයක් දිනාගත් මහනුවර විද්‍යාර්ථ විදුහලේ උදය රණසිංහ සමත්විය.

ශූරතා ති‍්‍රත්වයක් සහ එක් අනු ශූරතාවක් දිනාගත් කොළඹ විශාකා විදුහලේ හංසනී පියුමිලා තරගාවලියේ දක්ෂතම කී‍්‍රඩිකාව ලෙස සම්මාන ලබාගත්තාය.

බාලක වයස 18 න් පහළ කේවල සහ 18 න් පහළ යුගල තරග ඉසව් ජය ගනිමින් උදය රණසිංහ තරගාවලියේ දක්ෂතම කී‍්‍රඩකයා බවට පත්විය.

හංසනී පියුමිලා තරගාවලියේ දක්ෂතම කී‍්‍රඩිකාව බවට පත්වූයේ බාලිකා වයස 15 න් පහළ කේවල, 18 න් පහළ කේවල සහ 18 න් පහළ යුගල තරග ඉසව් ජය ගනිමින් සහ 18 න් පහළ මිශ‍්‍ර යුගල තරග ඉසව්වේ අනු ශූරතාව දිනා ගනිමිනි.

චින්තක ඒකනායක සහ තිළිණ විජේසිරි පරාජය කළ උදය රණසිංහ සහ ප‍්‍රසාද් ද සිල්වා, බාලක යුගල ශූරතාව දිනාගත් අතර තෙදිනි තුෂාරා සහ ඉමේෂා ද සිල්වා පරාජය කළ හංසනී පියුමිලා සහ චමත්සරා ප‍්‍රනාන්දු බාලිකා යුගල ශූරතාව දිනාගත්හ.

මිශ‍්‍ර යුගල ශූරතාව සඳහා පැවැති තරගයේදී කුළනක හෙන්දහේවා සහ චමත්සරා ප‍්‍රනාන්දු එක්ව සන්දේෂ් නිස්සංක සහ හංසනී පියුමිලා පරාජය කළහ.

කොළඹ සුගතදාස ගෘහස්ථ කී‍්‍රඩාංගණයේදී පැවැති මෙම තරගාවලිය සඳහා පාසල් 104 ක් නියෝජනය කරමින් කී‍්‍රඩක කී‍්‍රඩිකාවෝ 613 ක් සහභාගී වූහ.

තරගාවලියේ ආරාධිත අමුත්තන් ලෙස නිවාස, ඉදිකිරීම් සහ ඉන්ජිනේරු සේවා නියෝජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න සහ පාර්ලිමේන්තු මන්තී‍්‍ර කනක හේරත් යන මහත්වරු සහභාගී වූහ.

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 


තරග ප‍්‍රතිඵල (බාලක)
වයස 10 න් පහළ කේවල
චානුක ශ්‍රී බණ්ඩාර (කෑගල්ල ශාන්ත මරියා විදුහල) විසින් තරග වට 3-1 ක් ලෙස විහඳු රන්දින (අම්බලන්ගොඩ ධර්මාශෝක විදුහල) පරාජය කරන ලදි. (6/11, 11/8, 11/5, 11/7)

වයස 12 න් පහළ කේවල
දෙව්මිත් වීරසේන (නුගේගොඩ ලයිසියම් ජාත්‍යන්තර පාසල) විසින් තරග වට 3-0 ක් ලෙස පී. එස්. ඞී. තෙන්නකෝන් (මහනුවර ධර්මාරාජ විදුහල) පරාජය කරන ලදි. (11/6, 11/5, 11/5)

වයස 15 න් පහළ කේවල
පී. ඞී. යූ. තෙන්නකෝන් (මහනුවර ධර්මාරාජ විදුහල) විසින් තරග වට 3-2 ක් ලෙස නිමේෂ් රංචාගොඩ (කොළඹ රාජකීය විදුහල) පරාජය කරන ලදි. (7/11, 11/8, 11/7, 6/11, 12/11)

වයස 18 න් පහළ කේවල
උදය රණසිංහ (මහනුවර විද්‍යාර්ථ විදුහල) විසින් තරග වට 3-2 ක් ලෙස ප‍්‍රසාද් ද සිල්වා (මහනුවර විද්‍යාර්ථ විදුහල) පරාජය කරන ලදි. (7/11, 9/11, 12/10, 11/7, 11/7)

වයස 18 න් පහළ යුගල
උදය රණසිංහ සහ ප‍්‍රසාද් ද සිල්වා (මහනුවර විද්‍යාර්ථ විදුහල) විසින් තරග වට 3-0 ක් ලෙස චින්තක ඒකනායක සහ තිළිණ විජේසිරි (මහනුවර විද්‍යාර්ථ විදුහල) පරාජය කරන ලදහ. (11/4, 11/9, 11/8)


තරග ප‍්‍රතිඵල (බාලිකා)
වයස 10 න් පහළ කේවල  
සඳුනි ප‍්‍රබුද්ධිකා (අම්බලන්ගොඩ ප‍්‍රජාපතී ගෝතමී බාලිකා විදුහල) විසින් තරග වට 3-1 ක් ලෙස කවිෂ්කා කවින්දි (අම්බලන්ගොඩ ධර්මාශෝක විදුහල) පරාජය කරන ලදි. (11/7, 11/9, 12/10)

වයස 12 න් පහළ කේවල  
ඞී. එච්. කොළඹගේ (අම්බලන්ගොඩ ප‍්‍රජාපතී ගෝතමී බාලිකා විදුහල) විසින් තරග වට 3-0 ක් ලෙස ජිතාරා වර්ණකුලසූරිය (කොළඹ කාන්තා විදුහල) පරාජය කරන ලදි. (11/4, 11/5, 11/9)

වයස 15 න් පහළ කේවල  
හංසනී පියුමිලා (කොළඹ විශාකා විදුහල) විසින් තරග වට 3-0  ක් ලෙස ඉමාෂා ද සිල්වා (අම්බලන්ගොඩ ධර්මාශෝක විදුහල) පරාජය කරන ලදි. (11/6, 11/6, 11/7)

වයස 18 න් පහළ කේවල  
හංසනී පියුමිලා (කොළඹ විශාකා විදුහල) විසින් තරග වට 3-1 ක් ලෙස රුවිනි කන්නංගර (කොළඹ මියුසියස් විදුහල) පරාජය කරන ලදි. (11/6, 1/11, 11/8, 11/8)

වයස 18 න් පහළ යුගල
හංසනී පියුමිලා සහ චමත්සරා ප‍්‍රනාන්දු (කොළඹ විශාකා විදුහල) විසින් තරග වට 3-0 ක් ලෙස තෙදිනි තුෂාරා සහ ඉමාෂා ද සිල්වා (අම්බලන්ගොඩ ධර්මාශෝක විදුහල) පරාජය කරන ලදහ. (11/6, 11/8, 11/5)

වයස 18 න් පහළ මිශ‍්‍ර යුගල
කුළන්ක හෙන්දහේවා (කොළඹ රාජකීය විදුහල) සහ චමත්සරා ප‍්‍රනාන්දු (කොළඹ විශාකා විදුහල) විසින් තරග වට 3-0 ක් ලෙස සන්දේෂ් නිස්සංක (කොළඹ අනන්ද විදුහල) සහ හංසනී පියුමිලා (කොළඹ විශාකා විදුහල) පරාජය කරන ලදහ. (11/8, 11/9, 11/8)

 


අදහස් (0)

දක්ෂතම කී‍්‍රඩකයා : උදය - කී‍්‍රඩිකාව : හංසනී

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.