Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ශී‍්‍ර ලංකාවේ ප‍්‍රධාන පෙළේ බැඞ්මින්ටන් තරගාවලියක් වන ආරියදාස සිල්වා අනුස්මරණ බැඞ්මින්ටන් තරගාවලියේ පිරිමි කේවල ශුරතාව දිනාගැනීමට දිනුක කරුණාරත්න සමත් විය. ලේඛා ෂෙහානි එහි කාන්තා කේවල ශුරතාව දිනාගත්තාය.
කේවල පිරිමි අවසන් මහ තරගයේදී එරංග ප‍්‍රනාන්දු තරග වට 2 - 0 ක් ලෙස පරාජය කිරීමට දිනුක කරුණාරත්න සමත් විය. කාන්තා කේවල අවසන් මහ තරගයේදී ප‍්‍රබල කී‍්‍රඩිකාවක් වූ තිළිණි ජයසිංහ තරග වට 2 - 1 ක් ලෙස පරාජය කිරීමට ලේඛා ෂෙහානි සමත්වූවාය.
කාන්තා කේවල අර්ධ අවසන් පූර්ව වටයේදී තිළිණි ප‍්‍රමෝදිකා සහ අවසන් පූර්ව වටයේදී කවිඳි ඉෂාදිකා පරාජය කරමින් තිළිණි ජයසිංහ අවසන් තරගයට සුදුසුකම් ලබාගත්තද අවසන් මහ තරගයේදී අනපේක්ෂිත ලෙස ලේඛා ෂෙහානි හමුවේ පරාජයට පත්වීම හේතුවෙන් ඇයට එම ඉසව්වේ අනුශූරතාවෙන් සෑහීමකට පත්වීමට සිදුවිය.
ආර්. එස්. දහනායක සහ හසිත චානක එක්ව අමිල ප‍්‍රනාන්දු සහ ලසිත මේනක පරාජය කරමින් පිරිමි යුගළ ශුරතාව දිනාගත්හ. නදීෂා ගයන්ති සහ මණිෂී පොන්සේකා පරාජය කරමින් තිළිණි ජයසිංහ සහ කවිඳි ඉෂාදිකා කාන්තා යුගළ ශූරතාවට හිමිකම් කීහ.
දිනුක කරුණාරත්න සහ නදීෂා ගයන්ති මිශ‍්‍ර යුගල තරග ඉසව්වේ ශූරතාව දිනාගත්තේ තිළිණි ජයසිංහ සහ හසිත චානක තරග වට 2 - 1 ක් ලෙස පරාජය කරමිනි.
දකුණු පළාත් බැඞ්මින්ටන් සංගමය විසින් 26 වැනි වරටත් සංවිධානය කරනු ලැබූ මෙම තරගාවලයේදී රුපියල් ලක්ෂ 5 කට අධික මුදලක් ත්‍යාග වශයෙන් පිරිනැමිණ. අම්බලන්ගොඩ ධර්මාශෝක විද්‍යාලයීය ගෘහස්ථ ක‍්‍රීඩාගාරයේදී පැවැති පැවති මෙම තරගාවලිය ශ‍්‍රී ලංකා බැඞ්මින්ටන් සංගමයේ පූර්ණ අධීක්ෂණය යටතේ පැවැත්විණ.
කේවල පිරිමි අවසන් තරගය
දිනුක කරුණාරත්න විසින් තරග වට 2 - 0 ක් ලෙස එරංග ප‍්‍රනාන්දු පරාජය කරන ලදි. (21/8, 21/6)
කාන්තා කේවල අවසන් තරගය
ලේඛා ෂෙහානි විසින් තරග වට 2 - 1 ක් ලෙස තිළිණි ජයසිංහ පරාජය කරනු ලදි (21/15, 17/21, 21/7)
මිශ‍්‍ර යුගළ අවසන් තරගය
දිනුක කරුණාරත්න සහ නදීෂා ගයන්ති විසින් තරග වට 2 - 1 ක් ලෙස තිළිණි ජයසිංහ සහ හසිත චානක පරාජය කරන ලදහ. (21/8, 15/21, 21/8)
පිරිමි යුගළ අවසන් තරගය
ආර්. එස්. දහනායක සහ හසිත චානක විසින් අමිල ප‍්‍රනාන්දු සහ ලසිත මේනක පරාජය කරන ලදහ.
කාන්තා යුගළ අවසන් තරගය
තිළිණි ජයසිංහ සහ කවිඳි ඉෂාදිකා විසින් නදීෂා ගයන්ති සහ මණිෂී පොන්සේකා පරාජය කරන ලදහ.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.