Last Update  :  2025-12-26 22:32:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news දිවා ආහාර ප‍්‍රමාදවෙයි

දිවා ආහාර ප‍්‍රමාදවෙයි

Dilrukshi - 2015 මැයි මස 20 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

පාකිස්තානු ‘ඒ’ පිල සහ ශ‍්‍රී ලංකා ‘ඒ’ පිල අතර රංගිරි දඹුල්ල ක‍්‍රීඩාංගණයේදී පැවැත්වෙන තෙවැනි සිවුදින තරගයේ පළමු දිනය වූ අද (20) දිවා ආහාර සැපයීම ප‍්‍රමාදවීම නිසා දිවා විවේකය සදහා කාලය විනාඩි 20 කින් වැඩි කිරීමට සිදුවිය.

දිවා ආහාරයෙන් පසුව තරගය පස්වරු 12.40 ට ආරම්භ කිරීමට නියමිතව තිබුණ ද තරගය පස්වරු 1.00 ට නැවත ආරම්භ කළේය. තරගය දිවා විවේකය සදහා පෙරවරු 11.59 ට අත්හිටවූ අතර 12.25 වන විටත් දිවා ආහාරය ක‍්‍රීඩාංගණයට ගෙනවිත් නොතිබුණි. 12.30 ට පමණ හෝටල් සේවකයන් පිරිසක් දිවා ආහාර රැගෙන දිව යන ආකාරය පසුව දැකගත හැකි විය.

දිවා විවේකය සදහා ක‍්‍රීඩාව නතර කිරීමෙන් පසුව ආහාර පිළියෙළ කර නොතිබීමෙන් කණ්ඩායම් දෙකේ ක‍්‍රීඩකයන් සහ විනිසුරුවන් වාඩි වී බලාසිටි ආකාරය දැකගත හැකි විය. දිවා ආහාර සාමාන්‍යයෙන් පෙරවරු 11.30 වන විට සූදානම් කර තිබිය යුතුය. මෙම ආහාර දඹුල්ල ප‍්‍රද්ශයේම තරු හතරේ සුපිරි හෝටලයකින් ඇනවුම්කර තිබිණ.

 


අදහස් (0)

දිවා ආහාර ප‍්‍රමාදවෙයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.