ඉන්දීය ප්රීමියර් ලීග් (අයි.පී.එල්.) ක්රිකට් තරගාවලියේ 16 වැනි තරගය ලෙස සාජා ක්රිකට් ක්රීඩාංගණයේදී අද (27) පැවැති දිනයේ පළමු තරගයේදී දිල්ලි ඩෙයාර්ඩෙවිල්ස් ක්රීඩකයෝ කඩුලූ 6 කින් මුම්බායි ඉන්දියන්ස් පිල පරාජය කිරීමට සමත් වූහ.
මුම්බායි පිල නියෝජනය කරන ශ්රී ලංකා විස්සයි20 පිලේ නායක ලසිත් මාලිංග ඕවර හතරේදී ලකුණු 17 කට කඩුලූ 2 ක් දවා ගනිමින් දස්කම් දැක්වීය.
දිල්ලි පිල පළමුව පන්දුවට පහර දුන් ප්රබල මුම්බායි පිල ලකුණු 125 කට සීමා කරමින් ඕවර 18.5 කදී කඩුලූ 4 ක් පමණක් දැවී ජයග්රාහි ඉලක්කය සම්පූර්ණ කළේය.
දිල්ලි පිලේ වැඩිම ලකුණු ලාභියා බවට පත්වෙමින් මුරලි විජේ පන්දු 34 කදී හතරේ පහර 4 ක් සහ හයේ පහරක් සමගින් ලකුණු 40 ක් ලබා ගත්තේය.
කොදෙව් ප්රවේගකාරි පිතිකරු කිරන් පොලාඞ් පන්දු 30 කදී හතරේ සහ හයේ පහර දෙක බැගින් ඇතුළත් කරමින් නොදැවී ලකුණු 33 ක් රැස් කරමින් මුම්බායි පිලේ වැඩිම ලකුණු ලාභියා බවට පත්විය.
මුම්බායි පිලේ නායක රෝහිත් ශර්මා කාසියේ වාසිය ලැබූ පළමුව පන්දුවට පහර දීමට තීරණය කළේය.
දිල්ලි පිලේ නායකයා ලෙස එංගලන්ත ප්රවේගකාරි පිතිකරු කෙවින් පීටර්සන් කටයුතු කළේය.
මුම්බායි ඉන්දියන්ස් පිල ඕවර 20 කදී කඩුලූ 6 ට 125 (කොරි ඇන්ඩසන් 13, අම්බාටි රයිඳු 14, කිරන් පොලාඞ් නොදැවී 33, චිදම්බරම් ගෞතම් 22, යාදෙව් උනාකට් 29/2)
දිල්ලි ඩෙයාර්ඩෙවිල්ස් පිල ඕවර 18.5 කදී කඩුලූ 4 ට 126 (කුවින්ටන් ඩූ කුක් 16, මුරලි විජේ 40, ජේ. පී. ඩුමිනි 19, කෙවින් පීටර්සන් නොදැවී 26, කේඩර් යාදේව් නොදැවී 14, ලසිත් මාලිංග 17/2)
- 048
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.