තායිලන්තයේ චියෑං මායි නුවරදී පැවැති තායිලන්ත විවෘත පැරා මේසපන්දු තරගාවලියේදී 9 වැනි පංතියේ කේවල ඉසව්වේ රන් පදක්කම දිනාගැනීමට ශ්‍රී ලංකාවේ දිනේෂ් දේෂප්‍රිය සමත් විය.
අවසන් පූර්ව තරගයේදී වට 3-0 ක් ලෙස කසකස්තානයේ එරෙකෙයෙව් ටල්ගාට් පරාජය කරමින් අවසන් තරගයට සුදුසුකම් ලබාගත් දිනේෂ්, එහිදී වට 3-2 ක් ලෙස හොං කොං රාජ්‍යයේ වොං චී යැන් පරාජය කරමින් එම ඉසව්වේ රන් පදක්කමට හිමිකම් කීවේය.
මූලික වටයේදී ඉන්දීයාවේ රංජිත් සිං (වට 3-1 කින්), නෙදර්ලන්තයේ හෙයිජෙනන් ටොනී (වට 3-1 කින්), සහ කොරියාවේ ලී ජායෙහෝ (වට 3-0 කින්) පරාජය කිරීමටද දිනේෂ් සමත් විය.
-036
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.