Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ශී‍්‍ර ලංකා මලල කී‍්‍රඩා ආයතනයේ පළමු වන තේරීම් තරග පෙබරවාරි මස 10, 11 සහ 12 දිනවලදී කොළඹ සුගතදාස කී‍්‍රඩාංගණයේදී පැවැත්වීමට සැලසුම් කර තිබේ. මේ වසරේ සැප්තැම්බර් මාසයේදී චීනයේ පැවැත්වීමට නියමිත ආසියානු ක‍්‍රීඩා උළෙලට මෙන්ම ජුනි මාසයේදී දකුණු කොරියාවේදී පැවැත්වීමට නියමිත ආසියානු කණිෂ්ඨ මලල කී‍්‍රඩා ශූරතාවලිය සඳහාත් සංචිත තෝරා ගැනීම මෙම තේරීම් තරගාවලියේදී සිදුකෙරේ.
කොවිඞ් නීතිරීති වලට අනුව මෙම තරග පැවැත්වීමට සිදුවන බැවින්, ඉසව් සඳහා කී‍්‍රඩක කී‍්‍රඩිකාවන්ගේ සහභාගිත්වය සීමා කරමින් පැවැත්වේ.
කණිෂ්ඨ ඉසව් සඳහා 2003 ජනවාරි 01 වැනිදා සිට 2006 දෙසැම්බර් 31 වැනිදා දක්වා උපත ලැබූ අයට අයදුම් කළ හැකිය.
අයදුම්පත් ජනවාරි 07 වැනිදා සිට ශ්‍රී ලංකා මලලකී‍්‍රඩා ආයතනය විසින් නිකුත් කෙරෙන අතර එම අයදුම්පත් ජනවාරි 28 දිනට පෙර, ලේකම්, ශ්‍රී ලංකා මලල කී‍්‍රඩා, 33, නිදහස් මාවත, කොළඹ 07 ලිපිනයට යොමුකළ යුතුය.
අයදුම්පත් ගාස්තු ලෙස එක් ඉසව්වක් සඳහා රුපියල් 300ක් අය කෙරෙන අතර ප‍්‍රමාද වී ලැබෙන අයදුම්පත් සඳහා රුපියල් 750ක් අය කෙරේ.
මෙම තරගාවලිය සඳහා සහභාගි වීමට අයදුම් කළ හැකි අවම දක්ෂතා සීමාවන් මේ සමග දක්වා තිබේ. අයදුම්පත සමග අදාල ඉසව්වල දක්ෂතා සනාථ කිරීමේ ලේඛනද ඉදිරිපත් කළ යුතුය.
- 213
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.