Last Update  :  2024-05-02 16:29:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news තේරීම් කමිටුවේ සභාපතිට එරෙහිව සම්මේලනයෙන් විනය පරීක්ෂණයක්

තේරීම් කමිටුවේ සභාපතිට එරෙහිව සම්මේලනයෙන් විනය පරීක්ෂණයක්

editorial - 2023 සැප් මස 14 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(නාමල් පතිරගේ)

ජාතික කායවර්ධන තේරීම් කමිටුවේ සභාපති සුභාෂ් සිරිවර්ධන මහතාට එරෙහිව චෝදනා නවයක් යටතේ විනය පරීක්ෂණයක් පැවැත්වීමට ශ්‍රී ලංකා කායවර්ධන හා ශාරීරික යෝග්‍යතා සම්මේලනය සැරසේ.  

දඬුවම් නොකිරීමට හේතු ඇතොත් දින 14ක් ඇතුළත පිළිතුරු ලබා දෙන ලෙස ඔහුට කළ දැනුම් දීමට ඔහු මේ  වනවිට පිළිතුරු ලබා දී ඇතැයි ද වාර්තා වේ. එහෙත් ඔහුගේ පිළිතුරු පිළිබඳව සෑහීමට පත් නොවන බව ප්‍රකාශ කරමින් කායවර්ධන සම්මේලනයේ විනය කමිටුව මෙම විනය පරීක්ෂණය ආරම්භ කිරීමට තීරණය කර තිබේ.

කළුතර දිස්ත්‍රික් තරගාවලිය හා ශ්‍රී ලංකා අයෝමය පුරුෂයා තේරීමේ තරගාවලිය පාදක කර ගනිමින් කායවර්ධන සම්මේලනය ඔහුට එරෙහිව මෙම චෝදනා නගා තිබේ. එකී චෝදනා අතර ධුරය අවභාවිත කරමින් ශ්‍රී ලංකා අයෝමය ශූරයා තේරීමේ තරගාවලියට නරඹන්නන් පිරිසක් බලහත්කාරයෙන් ඇතුළත් කරමින් සම්මේලනයට රුපියල් 33,000 ක අලාභයක් කිරීම හා තේරීම් කමිටුවේ සභාපතිවරයාට නොගැලපෙන ආකාරයෙන් පුහුණුකරුවකු ලෙස කටයුතු කිරීම, කායවර්ධන සම්මේලනයට අභියෝග කරවන අන්දමින් ක්‍රීඩකයන් පෙළඹවීම හා සම්මේලන ව්‍යවස්ථාව කඩ කෙරෙන ආකාරයේ හැසිරීම ඔහුට එල්ලවී තිබෙන චෝදනා අතර වේ.

 ශ්‍රී ලංකා කායවර්ධන හා ශාරීරික යෝග්‍යතා සම්මේලනයේ ලේකම් කසුන් චතුරංග සිල්වා මහතා ඔහුට චෝදනා පත්‍රය අඩංගු ලිපිය යොමුකර තිබේ.


අදහස් (0)

තේරීම් කමිටුවේ සභාපතිට එරෙහිව සම්මේලනයෙන් විනය පරීක්ෂණයක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.