Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
මෙම වසර (2022) තුළ පැවැති මෝටර් රථ තරගාවලි දෙකේදීම තමා සහභාගි වූ ඉසව්වල පළමු ස්ථාන හිමිකර ගනිමින් කැපීපෙනෙන දස්කම් දැක්වීමට නැගී එන මෝටර් රථ ශූර තේනුක ලියනාරච්චි සමත්ව ඇත.
පෙබරවාරි මාසයේ මාතරදී පැවැති එළියන්ද කරණය මොටර් රථ සහ යතුරුපැදි තරගාවලියේදී එස්.එල්.ඊ. කාණ්ඩයේ (සි.ධා. 1300 දක්වා) ෆෝඩ් ලේසර්/මැස්ඩා මෝටර් රථ තරගය ජයගත් තේනුක, ඉන් පසුව දෙසැම්බර් මාසයේ කළුතරදී පැවැති කටුකුරුන්ද ස්පීඩ් මෝටර් රථ තරගාවලියේදී එස්.එල්.එන්. කාණ්ඩයේ (සි.ධා. 1300 දක්වා) ෆෝඩ් ලේසර්/මැස්ඩා මෝටර් රථ තරගයද ජය ගත්තේය.
ඉන්ධන අර්බුධය හේතුවෙන් මේ වසරේදී (2022) මෝටර් රථ තරගාවලි 2 ක් පමණක් පැවැති අතර ලබන වසරේදී (2023) පැවැත්වීමට නියමිත තරගාවලි සඳහාද තේනුක සහභාගි වීමට සූදානමින් සිටියි. ප්‍රවීන මෝටර් රථ ධවක තරිඳු ධර්මරත්න මහතා තේනුකගේ පුහුණුකරු ලෙස කටයුතු කරයි.
- 036
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.