Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
අන්තර් පාසල් වයස 15 න් පහළ ‘සිංගර් කුසලාන’ ක්‍රිකට් තරගාවලියේ III වැනි කොටසේ පළමු අවසන් පූර්ව තරගය කොළඹ ආරක්ෂක සේවා විදුහල සහ නිට්ටඹුව සංඝබෝධි විදුහල අතර හෙට (27 වැනිදා) මත්තෙගොඩ යුද හමුදා ක්‍රීඩාංගණයේදී පැවැත්වේ.
එහිදී ආරක්ෂක සේවා විදුහල් කණ්ඩායමේ නායකයා ලෙස රොනෙත් සමරනායක කටයුතු කරන අතර සංඝබෝධි විදුහල් කණ්ඩායමේ නායකයා ලෙස කවිෂ්ක මල්ෂාන් කටයුතු කරනු ඇත.
අර්ධ අවසන් පූර්ව වටයේදී පුත්තලම ආනන්ද විදුහල පරාජය කරමින් ආරක්ෂක සේවා විදුහල අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබාගත් අතර සංඝබෝධි විදුහල අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබාගත්තේ අර්ධ අවසන් පූර්ව වටයේදී බැද්දේගම ක්‍රිස්තු දේව විදුහල පරාජය කරමිනි.
මූලික වටයේදී උයන කනිෂ්ඨ විදුහල සහ බම්බලපිටිය හින්දු විදුහල පරාජය කළ ආරක්ෂක සේවා විදුහල, කොළඹ රෝයල් ඉන්ස්ටිටියුට් ජාත්‍යන්තර පාසලට සහ ගල්කිස්ස සාන්ත තෝමස් විදුහල් ‘සී’ කණ්ඩායමට එරෙහිව පැවැති තරග ජය පරාජයෙන් තොරව අවසන් කළේය.
දෙවැනි වටයේදී මුල්ලේරියාව ශ්‍රී රාහුල විදුහල, මාලබේ හොරිසන් ජාත්‍යන්තර පාසල සහ කොළඹ මහානාම විදුහල් ‘සී’ කණ්ඩායම පරාජය කළ ආරක්ෂක සේවා විදුහල, එහිදී මීගමුව මාරිස්ටෙලා විදුහල් ‘සී’ කණ්ඩායම හමුවේ පරාජයට පත්විය.
අවසන් වටයේ තරගවලදී වේයන්ගොඩ බණ්ඩාරනායක විදුහලට, තලවතුගොඩ විදුර ජාත්‍යන්තර පාසලට, මීගමුව ශාන්ත මරියා විදුහලට සහ පානදුර ලයිසියම් ජාත්‍යන්තර පාසලට එරෙහිව ජයග්‍රහණ වාර්තා කිරීමටද ආරක්ෂක සේවා විදුහල සමත් විය.
මූලික වටයේදී වේයන්ගොඩ ශාන්ත මරියා විදුහල, සපුගස්කන්ද මහ විදුහල සහ පස්යාල මහ විදුහල පරාජය කළ සංඝබෝධි විදුහල, දෙවැනි වටයේදී නුගේගොඩ ශාන්ත ජෝෂප් විදුහල සහ කැලණිය ශ්‍රී සුමංගල විදුහල පරාජය කිරීමටද සමත් විය. දෙවැනි වටයේදී ඔවුන් පරාජයට පත්වූයේ මීගමුව මාරිස්ටෙලා විදුහල් ‘සී’ කණ්ඩායම හමුවේ පමණි.
අවසන් වටයේ තරගවලදී වත්තල ඕ.කේ.අයි. ජාත්‍යන්තර පාසලට, හුංගම විජයබා ජාතික පාසලට, කුරුණෑගල එස්.ඩබ්ලිව්.ආර්.ඩී. බණ්ඩාරනායක විදුහලට සහ රාගම කරුණාරත්න බෞද්ධ පාසලට එරෙහිව ජයග්‍රහණ අත්කර ගැනීමටද සංඝබෝධි විදුහල සමත් විය.
ආරක්ෂක සේවා විදුහල් සංචිතය
රොනෙත් සමරනායක (නායක), දිනාල් චාරුක (උප නායක), හසිත නවංජන, සිතුම් ඉඳුවර, දියත් මින්තික, යසිඳු තරංග, උවිඳු අංජන, චාරුක නිපුන්, දේශාන් සමරනායක, බිම්සර සක්විති, මලිත් පබසර, චතුම් කෞශිත්, කවිඳු ගිම්හාන, ධනුක කාවින්ද, දුලිත් ලිත්මල්, අමාන් යුෂුෆ්, පී.ආර්.ටී. ද සිල්වා මහතා (පුහුණුකරු), කේ.ඒ.එච්. සම්පත් මහතා (පුහුණුකරු), ආර්.කේ. සංජීව මහතා (ක්‍රීඩා භාර අචාර්ය), ධම්මිකා ජයනෙත්ති මහත්මිය (විදුහල්පතිනි)
සංඝබෝධි විදුහල් සංචිතය
කවිෂ්ක මල්ෂාන් (නායක), හිරුෂ මල්ෂාන්, තිෂාක්‍ය උද්‍යාල, ඩිල්ෂාන් කෞෂික, ලසිත් තරංග, කාවින්ද උදයංග, සනුර රුවන්ත, ඕෂධ ගිම්හාන්, ගනීෂ ඕෂධ, පබසර දිල්හාර, දිනිත් රවිශංක, දසුන් මනුප්‍රිය, කවිදු ගයන්ත, පසිදු දිල්ශාන්, ශවිදු එරංග, තෙවින් ලකිඳු, ගාමිණී විජේසිංහ මහතා (පුහුණුකරු), මධුෂාන් රංගන මහතා (සහාය පුහුණුකරු), එස්.ඩී. දසනායක මහතා (කණ්ඩායම භාර අචාර්ය), සඳුන් අමරවර්ධන මහතා (ක්‍රීඩා පාලක), ලක්ෂ්මන් විජේරත්න මහතා (විදුහල්පති)
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.