Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
නාමල් පතිරගේ
කොළඹදී බ්‍රහස්පතින්දා (9) පැවැත්වෙන ශ්‍රී ලංකාව හා තුර්ක්මෙනිස්ථානය අතර ආසියානු කුසලාන (2027) නිර්දේශ වටයේ අදියර - 1 තරගයට සහභාගි වීම සදහා තුර්ක්මෙනිස්ථාන පාපන්දු කණ්ඩායම දැන් දිවයිනට ළගාවී සිටියි.දෙරට අතර තරගය එදින පස්වරු 3 ට කොළඹ රීඩ් මාවත ක්‍රීඩා සංකීර්ණයේදී පැවැත්වේ.
සෞදි අරාබියේ රියාද් නුවර ප්‍රධානව 2027 ජනවාරී 7 සිට පෙබරවාරි 5 වැනිදා දක්වා පැවැත්වෙන 19 වැනි ආසියානු කුසලාන පාපන්දු තරගාවලියේ අවසන් වටයට නිර්දේශ ලබා ගැනීමේ තෙවැනි තරග වටය යටතේ එම තරගය පැවැත්වේ.
දෙරට අතර අදියර - 2 තරගය ඔක්තෝබර් 14 වැනිදා තර්ක්මෙනිස්ථායේ සත්කාරයෙන් ඇස්ගාබට් නුවරදී පැවැත්වේ.මෙම දෙරට නිර්දේශ තරග වටයේ ඩී කාණ්ඩයෙන් තරග වදින අතර ශ්‍රී ලංකාව එහි ප්‍රසාද ලකුණු සටහනේ පසු වන්නේ ලකුණු තුනක් ලබා තෙවැනි ස්ථානයේය.ශ්‍රී ලංකාවට බ්‍රහස්පතින්දා මුණ ගැසෙන තුර්ක්මෙනිස්ථානය මේ වන විට ප්‍රසාද ලකුණු හයක් ලබා ඩී කාන්ඩයේ පෙරමුණ ගෙන සිටියි.
තරග වටය අවසානයේදී වැඩිම ප්‍රසාද ලකුණුලාභියා ඩී කාණ්ඩයෙන් ආසියානු කුසලාන කණ්ඩායම් 24 දෙනාගේ අවසන් වටයට නිර්දේශ ලබයි.කෙසේවූවත් ශ්‍රී ලංකාව තරග වටයේ ඉදිරියට යාමට නම් බ්‍රහස්පතින්දා තරගය අවම ජය පරාජයෙන් තොරව අවසන් කළ යුතුව ඇත.
ලෝක පාපන්දු ශ්‍රේණිගත කිරීම් අනුව මේ වන විට තුර්ක්මෙනිස්ථානය 138 වැනි ස්ථානයේත් ශ්‍රී ලංකාව 197 වැනි ස්ථානයේත් පසුවේ.මෙම තරග වටය යටතේ ශ්‍රී ලංකාව මෙතෙක් මුහුණ දුන් තරග දෙකකදී තායිලන්තයට එරෙහිව ගෝල 1 - 0 ක පරාජයක් හා චීන - තායිපේට එරෙහිව ගෝල 3 - 1 ක ජයක් වාර්තා කර තිබේ.
ඒ අතර ප්‍රතිවාදී තුර්ක්මෙනිස්ථානය ඒ දක්වා එම තරග වටයේ චීන - තායිපේ ( 2 -1) හා තායිලන්තය (3 - 1) සමග මුහුණ දුන් තරග දෙකම ජය ගෙන තිබේ.කෙසේවූවත් ඔවුන් කොළඹට ළගාවී සිටින්නේ ආසන්නයේදීම මුහුණ දුන් මධ්‍යම ආසියානු ජාතින්ගේ තරගාවලියේ (2025) උස්බෙකිස්තානයට හා ඕමානයට එරෙහිව පැවැති තරග දෙකක් පරාජය වෙමිනි.
ශ්‍රී ලංකාව මෙම වසරේ මෙතෙක් මුහුණ දුන් ජාත්‍යන්තර පාපන්දු තරග හයකින් තරග තුනක් ජය ගෙන දෙකක් පරාජයවී තිබේ.එක් තරගයක් සම කර තිබේ.තුර්ක්මෙනිස්ථාන ජාතික රොව්සෙන් මෙරඩොව් මහතා ප්‍රධාන පුහුණුකරු ලෙස කටයුතු කරයි.ඔහුට සහය පුහුණුකරුවන් සිව් දෙනෙකුගේ සහය ලැබෙයි.
කුවේට් ජාතික අබ්දුල්ලා අල් මුතායි මහතා ශ්‍රී ලංකා කණ්ඩායමේ නිත්‍ය පුහුණුකරු ලෙස කටයුතු කරන අතර ඔහුට නව දෙනෙකුගෙන් යුත් පුහුණු කාරිය මණ්ඩලයක සේවය ලැබී තිබේ.
ශ්‍රී ලංකා කණ්ඩායමේ නායක හා එහි නිත්‍ය දැල් රකින්නා වන 33 හැවිරිදි සුජාන් පෙරේරා මේ වන විට ජාත්‍යන්තර තරග 65 ක අත්දැකීම් ලැබූවෙකි.ඔහු බංගාලාදේශයේ ෆෝටිස් ක්‍රීඩා සමාජයට ක්‍රීඩා කරයි.
තුර්ක්මෙනිස්ථාන කණ්ඩායම් නායක ආරක්ෂක ක්‍රීඩක මෙකන් සපරෝව් වසර 2014 සිට තුර්ක්මෙනිස්ථාන ජාතික කණ්ඩායමට ක්‍රීඩා කරන ජාත්‍යන්තර තරග 37 ක අත්දැකීම් ලැබූ පළපුරුදු ක්‍රීඩකයෙකි.ජාත්‍යන්තර තරග 66 කදී ගෝල 14 ක් මේ දක්වා වාර්තා කර ඇති ඉදිරි පෙළ ක්‍රීඩක 35 හැවිරිදි අමානොව් තුර්ක්මෙනිස්ථාන කණ්ඩායමේ ප්‍රබළතම ක්‍රීඩකයෙකි.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.