Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
මැලේසියාවේදී පැවැති ‘තුන්කු ජෆාර් කුසලාන’ වයස 15 න් පහළ අන්තර්ජාතික ක්‍රිකට් තරගාවලියේ ශූරතාව දිනා ගැනීමට ශ්‍රී ලංකා කනිෂ්ඨ ක්‍රීඩකයෝ අද (09) සමත් වූහ. අනු ශූරතාව දකුණු අප්‍රිකානු පිලට හිමිවිය.
තරගාවලියේ ඊයේ පැවැති අවසන් මහ තරගයේදී ශ්‍රී ලංකා යොවුන් ක්‍රීඩකයෝ ලකණු 132 කින් දකුණු අප්‍රිකානු කනිෂ්ඨ පිල පරාජය කිරීමට සමත් වූහ. නායක පවන් රත්නායක අවසන් මහ තරගයේදී ලකුණු 51 ක් රැස්කරමින් පිත්තෙන් දස්කම් දැක්වීය.
අභිෂේක් ආනන්දකුමාර් තුන් ඉරියව් දස්කම් දක්වමින් ලකුණු 5 කට කඩුලු 4 ක් දවා ගත්තේය.
ශ්‍රී ලංකා වයස 15 න් පහළ පිල කඩුලු 6 ට 167
(පවන් රත්නායක 51, අමිත දාබරේ 37, යෙසිත් රූපසිංහ 35, අභිෂේක් ආනන්දකුමාර් 23)
දකුණු අප්‍රිකානු වයස 15 න් පහළ පිල සියලු දෙනා දැවී 35
(කනිෂ්ක ගමගේ 10/2, අභිෂේක් ආනන්දකුමාර් 5/4)
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.