Last Update  :  2024-05-06 19:12:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news තිළිණ - රෂ්මි ශූරතා දිනති
වයඹ පළාත් බැඩ්මින්ටන්

තිළිණ - රෂ්මි ශූරතා දිනති

editorial - 2024 මාර් මස 07 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(ශානුක අරවින්ද) 

ශ්‍රී ලංකා බැඩ්මින්ටන් සංගමයේ අධීක්ෂණය යටතේ වයඹ පළාත් බැඩ්මින්ටන් සංගමය සංවිධානය කළ වයඹ පළාත් සමස්ත ලංකා විවෘත ශ්‍රේණිගත කිරීමේ බැඩ්මින්ටන් තරගාවලියේ විවෘත පිරිමි කේවල ශූරතාව දිනා ගැනීමට තිළිණ රාජකරුණා සමත් විය. එහි කාන්තා ශූරතාව දිනාගනු ලැබුවේ රෂ්මි භාග්‍යා විසිනි. 

බෝයගනේ, විජයබාහු පාබල සේනා මූලස්ථාන ක්‍රීඩා සංකීර්ණයේදී පැවැති මෙම තරගාවලියේ පිරිමි කේවල අවසන් තරගයේදී වට 2-0 ක් (21/19, 21/18) ලෙස තෙනුක සත්සර පරාජය කිරීමට තිළිණ සමත් විය. කාන්තා කේවල අවසන් තරගයේ පළමු වටයේදී ලකුණු 11-0 ක් ලෙස පසුපසින් සිටියදී සිතුලි රණසිංහ තරගයෙන් ඉවත්වීම හේතුවෙන් රෂ්මි ජයග්‍රාහිකාව ලෙස නම් කෙරිණි. 

සෙහඳු තෙව්මික සහ තෙසත් සෙමික වට 2-0 කින් (21/14, 21/16) පරාජය කළ මධුක දුලාංජන සහ ළහිරු මධුෂාන් පිරිමි යුගල ශූරතාව දිනාගත් අතර රෂ්මි භාග්‍යා සහ වරංගනා ජයවර්ධන කාන්තා යුගල ශූරතාව දිනාගත්තේ වට 2-0 කින් (21/15, 21/07) සෙනදි දහම්සා සහ නෙතංගා වින්දිනි පරාජය කරමිනි. වට 2-1 ක් (24/22, 22/24, 21/17) ලෙස තෙනුක සත්සර සහ සමාධි ඔනෙල් පරාජය කළ මධුක දුලාංජන සහ අනුරංගි හංසමාලි මිශ්‍ර යුගල ශූරතාවට හිමිකම් කීහ. 

කුසලාන සහ සහතිකපත්වලට අමතරව ජයග්‍රාහක ජයග්‍රාහිකාවන් අතරේ රුපියල් හත් ලක්ෂ පනස් දහසක මුදලක් ත්‍යාග වශයෙන් බෙදා දීමට තරගාවලියේ සංවිධායකයෝ පියවර ගෙන තිබූ අතර මැක්ෆොයිල්, මොබිල්, ජී.ඒ.සී., ලී නිං සහ 3එම් යන සමාගම් සහ ආයතන තරගාවලියේ අනුග්‍රාහකයන් ලෙස කටයුතු කළේය. 

 


අදහස් (0)

තිළිණ - රෂ්මි ශූරතා දිනති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.