Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
මහනුවර ත්‍රිත්ව විදුහල සහ කටුගස්තොට ශාන්ත අන්තෝනි විදුහල අතර පැවැති ‘කන්ද උඩරට නිල් මහ සටන’ වාර්ෂික මහ ක්‍රිකට් තරගයට සමගාමීව අස්ගිරිය ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී අද (18 වැනිදා) පැවැති සීමිත ඕවර ක්‍රිකට් තරගයෙන් ලකුණු 47 ක ජයක් අත්කර ගැනීමට ත්‍රිත්ව විදුහල සමත් විය.
ජයග්‍රහණය සඳහා ලකුණු 201 ක ඉලක්කයක් හඹාගිය ශාන්ත අන්තෝනි විදුහලට ඕවර 45.2 අවසානයේ සියලු දෙනා දැවී රැස්කරගත හැකි වූයේ ලකුණු 153 ක් පමණි. දක්ෂ පන්දු යැවීමක නිතර වූ හසිත බෝයගොඩ සහ කළණ ද සොයිසා කඩුලු 3 බැගින් බිඳහෙළමින් ශාන්ත අන්තෝනි ඉනිම සුනුවිසුණු කර දැමූහ.
කාසියේ වාසිය දිනූ ශාන්ත අන්තෝනි විදුහලේ ආරාධනයෙන් පළමුවෙන් පන්දුවට පහරදුන් ත්‍රිත්ව විදුහල ඕවර 49.3 ක් අවසානයේ සියලු දෙනා දැවී ලකුණු 200 ක් රැස්කළ අතර එහිදී නොදැවී ලකුණු 49 ක් රැස්කිරීමට තිසරු දිල්ෂාන් සමත් විය.
ත්‍රිත්ව විදුහල - ඕවර 49.3 කදී සියලු දෙනා දැවී 200
(තිසරු දිල්ෂාන් නොදැවී 49, ත්‍යාගරාජා බානුගොබන් 33, හසිත බෝයගොඩ 29, කළණ ද සොයිසා 24, විරාජිත ජයසිංහ 25/3)
ශාන්ත අන්තෝනි විදුහල - ඕවර 45.2 කදී සියලු දෙනා දැවී 153
(සචිත් වික්‍රමාරච්චි 32, මොහොමඞ් අල්ෆාර් 29, ජනිඳු හිම්සර 22, හසිත බෝයගොඩ 26/3, කළණ ද සොයිසා 17/3)
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.