Last Update  :  2024-04-25 22:00:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news තරුෂි අර්ධ අවසන් පූර්ව වටයට

තරුෂි අර්ධ අවසන් පූර්ව වටයට

editorial - 2022 අගෝ මස 03 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(නාමල් පතිරගේ)

කොළොම්බියාවේ කේලි නුවර දී දැන් පැවැත්වෙන ලෝක කනිෂ්ඨ මලල ක්‍රීඩා තරගාවලියේ ඊයේ (2) තරග වැදුණු ශ්‍රී ලංකා  ක්‍රීඩිකා තරුෂි කරුණාරත්න මීටර් 400 මූලික වටයේ දී තත්පර 54.13ක කාලයක් වාර්තා කරමින් එහි අර්ධ අවසන් පූර්ව වටයට නිර්දේශ ලැබුවාය.

ඊයේ පැවැති මීටර් 400 (කාන්තා) ඉසව්වේ මූලික වටයේ තෙවැනි තරගයට සහභාගි වූ ඇය පස්වැනි ස්ථානයට පත් වූ අතර මෙම මූලික වටයේ ක්‍රීඩිකාවන් පස් දෙනෙකු එහි අවසන් පූර්ව වටයට තෝරා ගනී. මූලික වටයේ සමස්ත ප්‍රතිඵලයන්ට අනුව අවසන් පූර්ව වටයට නිර්දේශ ලබාගත් ක්‍රීඩිකාවන් 24 දිනා අතරේ ඇය 16 එහි ස්ථානයට පත්ව සිටියාය.


අදහස් (0)

තරුෂි අර්ධ අවසන් පූර්ව වටයට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.