තර්ස්ටන් විදුහල සහ ඉසිපතන විදුහල අතර කොළඹ එස්. එස්. සී. ක‍්‍රීඩාංගණයේදී පැවැති 52 වැනි ‘බ්ලැක්හැම් විජේවර්ධන’ අනුස්මරණ කුසලාන වාර්ෂික මහා ක‍්‍රිකට් තරගය විසඳුමකින් තොරව අවසන් විය.
මෙම තරගය අඛණ්ඩව 16 වැනි වසරටත් විසදුමකින් තොරව අවසන් වූ අතර අවසන් වරට 1999 වසරේ ඉසිපතන විදුහල ජය ලබා තිබේ.
තරගයේ දෙවැනි අවසන් දිනය වූ ඊයේ (28) පස්වරුවේ ක‍්‍රීඩාව නතර කරන විට තර්ස්ටන් විදුහලක පළමු ඉනිම වෙනුවෙන් කඩුලූ 6 ක් දැවී ලකුණු 291 ක් රැස්කරමින් පළමු ඉනිමේ ජය ලබා සිටියේය.
මෙහිදී තර්ස්ටන් විදුහල වෙනුවෙන් නායක තිමිර ජයසිංහ (86) සහ චරණ නානායක්කාර (නොදැවී 69) අර්ධ ශතක රැස්කරමින් හයවැනි කඩුල්ලට ලකුණු 85 ක සම්බන්ධතාවක් පැවැත්වීමට සමත් වූහ.
තිමිර පන්දු 105 කදී රැස්කළ ලකුණු 86 ට හතරේ පහර 11 ක් ඇතුළත් විය. චරණ පන්දු 69 කදී හතරේ පහර 5 ක් සහ හයේ පහරක් සමගින් නොදැවී ලකුණු 69 ක් රැස් කළේය.
පළමුව පන්දුවට පහර දුන් ඉසිපතන විදුහල වෙනුවෙන් ශ්‍රී ලංකා වයස 19 න් පහළ පිල නියෝජනය කරන විෂාද් රන්දික ලකුණු 58 ක් රැස් කළේය.
ඉසිපතන විදුහල පළමු ඉනිම සියලූ දෙනා දැවී 257 (ඬේවිස් ඉමේෂ 41, සාලින්ද උෂාන් 12, ප‍්‍රනීත් ඩයස් 27, විෂාද් රන්දික 58, ප‍්‍රමෝද් මධුවන්ත 34, සංජුල අබේවික‍්‍රම 21, සෙනාල් දීලක 34, රුසිර මුණසිංහ 56/5, නවීන් ගුණවර්ධන 38/3)
තර්ස්ටන් විදුහල පළමු ඉනිම කඩුලූ 6 ට 291 (කසුන් අබේරත්න 36, ඉසුරු ප‍්‍රනාන්දු 12, ඉමේෂ් විරංග 61, තිමිර ජයසිංහ 86, චරණ නානායක්කාර නොදැවී 69, ෂෙහාන් සඳරුවන් 78/2)
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.